Colombo Today Local News

කුඩාවැල්ල ධීවර වරායේ යාත්‍රාවක් ගිනි ගනී

කුඩාවැල්ල ධීවර වරායේ නවතා තිබූ බහු දින යාත්‍රාවක් මධ්‍යම රාත්‍රියේදී ගිනිගෙන විනාශ වී තිබුණු බව තංගල්ල පොලීසිය පවසයි.

මෙලෙස ගිනි ගෙන තිබුණේ මීට දින කිහිපයකට පෙර කුඩාවැල්ල ධීවර වරායේ නවතා තිබූ බහු දින යාත්‍රාවක් වූ ජයනෙතු බහු දින යාත්‍රාවයි.

ජයනෙතු යාත්‍රාව ආසන්නයේ නැංගුරම් දමා තිබූ තවත් බහු දින යාත්‍රාවක්ද ගින්නට හසුව ඇති අතර එය ධීවරයින් විසින් නිමා දමා තිබුණි.එම යාත්‍රාවට සුළු හානි සිදු වී තිබුණි.

හදිසියේම යාත්‍රාව තුළ ගින්න ඇති වූ බවත් එල්.පී. ගෑස් ටැංකි තිබුණු ස්ථානයෙන් ගින්න හටගත් බවත් යාත්‍රාවේ මුරකරු වූ සරත් විජේසිංහ පවසයි.

බෝට්ටුවේ ගෑස් ටැංකි තිබුණු තැනින් එක වරම ගින්න හට ගත්තා. ගින්න නිවන්න බැරි වුණා. ඒ ආසන්නයේ තිබුණු තවත් යාත්‍රාවකට ගින්න පැතිරුණා. ඒ ගින්න අපට නිවා ගන්නට හැකි වුණා යැයි යාත්‍රා මුරකරු සදහන් කර සිටි.

Related posts

නිරෝධායන නීති නොතකා අරක්කු විකුණූ කතක් දැලේ..

colombotoday

ජීවත්ව සිටියදී ගින්දරට බයයි.. අමීන් උමරුල් ෆාරුක්ගේ දරුවන් ආදාහනයට විරුද්ධ වෙති.

colombotoday

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පැමිණිලි 2620ක්

colombotoday

ප්‍රදේශ රැසකට අද වැසි

colombotoday

පොහොට්ටුවේ මහ සමුළුව එන මාසයේ… මහින්ද නිල වශයෙන් නායකත්වයට පත් කරයි…

colombotoday

කබ්රාල් ඇප මත මුදාහරී

colombotoday