Colombo Today Local News

යාපනේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කඩු ප්‍රහාර

යාපනය – කෝපායි – කොන්ඩාවිල් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී තුවාල සිදුකර තිබේ.

යතුරුපැදිවලින් පැමිණි පිරිසක් විසින් අද දහවල් 12.15ට පමණ තියුණු ආයුධවලින් පහරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

රාජකාරියට යමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මෙම පහරකෑමට ලක්ව තිබේ.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ කෝපායි පොලීසියට අනුයුක්ත සේවය කරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු වන අතර ඉන් එක් අයෙකු ද්‍රවිඩ ජාතිකයෙකු බව පොලීසිය සඳහන් කළේය.

ඔවුන් මේ වන විට යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කෝපායි පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

හෙට සිට නැවත්ත් උෂ්ණත්වය ඉහලට

Admin

ඩලස් හා පාඨලී අතර එකගතාවක්

Admin

සහරාන් කල්ලියේ දෙවන පෙළ නායකයන් අල්ලනවාට මුස්ලිම් දේශපාලකයන්, පූජකයන්, සංවිධානවලින් බලපෑම් !

colombotoday

කෝට්ටේ මහා සංඝ සභාවත් කොල එළි දල්වයි… රජයට විශේෂ නිවේදනයක් !

colombotoday

ඉඩම් නොමැති සියලු රණවිරුවන්ට රජයෙන් ඉඩම්

colombotoday

මාව අත්අඩංගුවට ගන්න දෙන්න එපා… බදුයුදීන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ආයාචනයක්

colombotoday