Colombo Today Local News

නීතිපති නිර්දේශ තාම නෑ.. බුද්ධාගමට අපහාස කළ ‘තව්හිද් ජමාත්‘ නඩුවෙන් ෂේප් වෙන්න ඉල්ලයි !

බුදුන් වහන්සේට සහ තෙරුවණට අපහාස කරමින් ‘තව්හිද් ජමාත්‘ සංවිධානය විසින් නිකුත් කර ඇති සීඩී පටයට අදාල සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේදී සමාව ගැනීමට එම සංවිධානය සූදානම් බව අද (19) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියා.

මිනිසුන්ගෙන් වැරදි සිදුවීම සාමාන්‍ය දෙයක් බවත් එවැනි වැරදි පිළිගෙන ඊට කණගාටුව පළකර නඩුව සමථයකට පත් කර ගැනීමට තම සේවාදායකයන් සූදානම් බවයි විත්තියේ නීතිඥවරයා අධිකරනයට දන්වා සිටියේ.

කෙසේ වෙතත් මීට පෙර නඩු වාරයකදී ද විත්තිකාර තව්හිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් නමැත්තා අධිකරණයේදී සමාව ගැනීමට කැමැත්ත පලකල අතර, එම සංවිධානය තව දුරටත් සිය අන්තවාදී ප්‍රචාරක කටයුතු සිදුකරගෙන යන බැවින් පැමිණිලිකාර පාර්ශවය විසින් එම ඉල්ලීම ඉවත දමනු ලැබුවා.

තව්හිද් ජමාත් සංවිධානය විසින් නිකුත් කළ සී.ඩී. පටයකින් බුදුන් වහන්සේට සහ බෞද්ධ ජනතාවට හිතා මතා අපහාසයක් සිදුකර ඇති බවත්, එමගින් ආගමික සහජීවනයට බාධාවක් ඇතිකර තිබෙන බවත් සදහන් කරමින් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබුණා.

ඉදිරි නිතියමය කටයුතු සදහා නිර්දේශ ලබා ගැනීම සදහා අදාළ වාර්තාව සහ නඩුවේ විමර්ශන ගොනු නීතිපතිවරයාට යොමු කර ඇතත් මේ වන තෙක් නීතිපතිවරයාගේ නිර්දේශ ලැබී නැහැ.

තව්හිද් ජමාත්, බුදු දහමට අපහාස කළාද නැද්ද? බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ වාර්තාව මෙන්න

Related posts

පැන්ඩෝරා විමර්ශනයේ ප්‍රගතිය ජනපති ට දැනුම් දෙයි

colombotoday

පාස්කු විමර්ශන සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල් කෙනෙක් අත්අඩංගුවට

Admin

රාත්‍රි සමාජශාලා ආරම්භ කළ යුතුයි – ඇමති ජෝන් අමරතුංග පවසයි

colombotoday

ආදීවාසී නායකයා ඉදිරිපත් කල රිට් පෙත්සම සලකාබැලීමට දින නියම වෙයි

colombotoday

පාසල් ළමුන් පරීක්ෂා කළ යුත්තේ, මත්ද්‍රව්‍ය ගැන නිශ්චිත තොරතුරක් ඇත්නම් පමණයි.. – පොලිස්පතිගෙන් උපදෙස්

Admin

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම අද..

colombotoday