Colombo Today Local News

රන්ජන්ගේ මොළය තවමත් ළමාවියේ..! වෛද්‍ය පාදෙණියට මඩ ගහන්න ගිහින් ඇණගනී..

සයිටම් වෛද්‍ය විද්‍යාලය, එක්ටා ගිවිසුම, රාජ්‍ය දේපළ පුද්ගලීකරණයට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ පැවැත්වූ වැඩ වර්ජණය අතරතුර එහි සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා නවලෝක රෝහලේ පුද්ගලික වෛද්‍ය සේවයේ නිරත වූ බවට ඇමති රංජන් රාමනායක විසින් කරන චෝදනාව නවලෝක රෝහල ප්‍රතික්ෂේප කරයි.

නවලෝක රෝහලේ නිල ප‍්‍රකාශකයක් සදහන් කරන්නේ පාදෙණිය මහතා අද දිනය තුල තම රෝහලට නොපැමිණෙන බව දැනුම් දී තිබූ බවත් ඒ බව වේලාවන් වෙන් කරවාගෙන තිබූ රෝගීන් වෙත දන්වා ඇති බවත්ය. වෙබ් අඩවි හා දුරකතන සේවාවන් ඔස්සේ වෙන් කර ගන්නා පුද්ලලයින් වෙත එම තොරතුරු යාවත්කාලීන වීමේ යම් ප‍්‍රමාදයක් සිදුවන්නට ඇතැයිද ඔහු කියා සිටියේය.

මේ අතර ඊයේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කියා සිටියේ ළමා රෝග විශේෂඥයෙක් වන පාදෙණිය මහතා වර්ජනය පැවති ඊයේ දිනයේ ද කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ රාජකාරියේ යෙදී සිටි බවයි.

නියෝජ්‍ය ඇමතිවරයා විසින් එල්ල කරන චෝදනාවට පිළිතුරු දුන් වෛද්‍ය පාදෙණිය මහතා සදහන් කළේ ළමා රෝග විශේෂඥයෙකු වන තමන් රංජන් රාමනායකගේ වයසේ අයට ප්‍රතිකාර නොකරන බවයි.

Related posts

“ලේලිය වෙදකමට.. රෝගීන් මරු කටට.. රාජිතලාගේ යහපාලනය මේකද?” (photos)

colombotoday

බදු වැඩි කිරීම ඡන්දෙට සල්ලි දෙන එක මහ බැංකුවේ වැඩක් නෙමෙයි – මහ බැංකු අධිපති

Admin

ආනමඩුවේ භික්ෂූන් වහන්සේලා 16කට කොවිඩ්

colombotoday

අඹුසැමි යුවළකගේ මළසිරුරු වෙළඳසැලකින් හමුවෙයි

Admin

එජාප මන්ත්‍රීවරුන්ගේ සහයෝගය රජයට? රවී සහ විමල් අතර රහස් සාකච්ඡා ?

colombotoday

නෙලුම් කුළුන විවෘත කරද්දී ජනපති කිව්ව බොරු තුන

colombotoday