Colombo Today Local News

ආනමඩුවේ භික්ෂූන් වහන්සේලා 16කට කොවිඩ්

ආනමඩුව ප්‍රදේශයේ පිහිටි පිරිවෙනක නේවාසිකව අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 16 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට අද (01) දහවල් හඳුනාගත් බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

එම පිරිවෙනේ ශිෂ්‍ය ශික්ෂූන් වහන්සේලා 65 දෙනෙකු සහ ගිහි දරුවන් 10 දෙනෙකු අධ්‍යාපනය ලබන අතර මෙම පිරිවෙනේ අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 03 දෙනෙක් පසුගිය 31 වනදා රෝගී තත්ත්වයක් පෙන්නුම් කර තිබුණි.

පසුව සෞඛ්‍ය නිලධාරීන් විසින් රෝගී භික්ෂූන්වහන්සේලා සහ සෙසු පිරිස රැෆිඩ් ඇන්ටජන් පරීක්ෂණයක් සඳහා අද යොමු කළ අතර එහිදී එම ආසාදිතයින් හඳුනාගෙන ඇත.

ඒ අනුව එම පිරිවෙනේම ආසාදිත භික්ෂූන් වහන්සේලා නිරෝධායනය සඳහා යොමු කර තිබේ.

Related posts

75 වන නිදහසට ඉන්දියාවෙන් බස් 500ක් (video)

Admin

ආණ්ඩුව වෙනුවෙන් කෑ ගහන මන්ත්‍රීන්ට මාසිකව ලක්ෂ දෙකක අමතර දීමනාවක් !

colombotoday

පණත සම්මත කරාට කොටින්ට වන්දි ගෙවන්න බෑ…

colombotoday

වාර්තාවන කොවිඩ් රෝගීන්ගෙන් 100%ක්ම ඔමික්‍රෝන් ආසාදිතයින්

colombotoday

පොලිස් භාරයේදී පුද්ගලයෙකු මිය යයි – සැකපිට නිලධාරීන් 7ක් අත්අඩංගුවට

Admin

හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහගේ නිවසක් හොරු බිදලා

Admin