World

කාන්තා බන්ධනාගාරයක ගැටුමකින් 41ක් මියයයි

හොන්ඩුරාස් රාජ්‍යයේ කාන්තා බන්ධනාගාරයක ඇති වූ ගැටුමකින් පුද්ගලයින් 41දෙනෙකු මියගොස් තිබේ.

ප්‍රතිවාදී කල්ලි දෙකක් අතර ඇති වූ ගැටුමක් මීට හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගැටුම් අතරතුරදී ගින්නක් ද හටගෙන ඇති අතර වෙඩි තැබීම් ද වාර්තා වී ඇත.

මියගිය පිරිස අතර සිටින බන්ධානාගාර නිලධාරීන් සංඛ්‍යාව මෙතෙක් තහවුරු වී නොමැත.

මේ හේතුවෙන් එරට නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරිය හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබේ.

තුවාල ලැබූ පුද්ගලයින් රෝහල්ගත කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන් ය.

Related posts

ඊශ්‍රායලනේ සිරියාවට ගුවන් ප්‍රහාරයක්

colombotoday

ISIS ලිබියානු නායකයා මරුට – ඇමරිකාවෙන් දරුණු ගුවන් ප්‍රහාරයක්

colombotoday

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් මිලියන 23 ඉක්මවයි

colombotoday

කොවිඩ් එන්නත්කරණ වැඩසටහනේදී අසාර්ථක වූ බව ප්‍රංශ ජනපති පිළිගනී

colombotoday

ගාසා සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටි 55ක් මිය ගිහින්

Admin

පිලිපීනයේ මගී නෞකාවක් ගිනි ගනී

Admin