Colombo Today Local News

විල්පත්තු ගැසට් එක අවලංගු කරන්නැයි මුස්ලිම් ඇමතිලාගෙන් තර්ජණ.. රටපුරා පල්ලිවල විරෝධතා කැදවයි !

විල්පත්තු රක්‍ෂිත වනාන්තරයට උතුරින් පිහිටා ඇති ප‍්‍රදේශද වන රක්‍ෂිත ලෙස ප‍්‍රකාශයට පත් කරමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි මුස්ලිම් ඇමතිවරුන්ගෙන් හා මුස්ලිම් දේශපාලකයන්ගෙන් ජනාධිපතිවරයා වෙත දැඩි බලපෑම් එල්ල වී තිබෙන බවට වාර්තා වනවා.

ඊයේ (30) වැල්ලවත්ත රමාඩා හෝටලයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි අදහස් දකවමින් පැවසුවේ මේ සම්බන්දයෙන් තීරණාත්මක සාකච්චාවක් ජනාධිපති ලේකම්වරයා සමඟ පැවැත්වෙන බවයි. අදාල ප‍්‍රදේශය රක්ෂිත වනාන්තරයක් යයි ප්‍රකාශයට පත් කිරීම වරදක් බවත් යුද සමයට පෙර එම ප්‍රදේශයන්හි වාසය කල මුස්ලිම් ජනතාවට යලි ඔවුන්ගේ ගම්බිම්වල පදිංචි වීමට ඇති අයිතිය කිසිවෙකුට උදුරාගත නොහැකි යයිද කීවේය.

විරෝධතා දැක්වීමට පවා කාලයක් නොදී ජනාධිපතිවරයා විසින් හදිසියේම මෙම ගැසට් නිවේදනයට අත්සන් කිරීම ගැන තමන් පුදුමයට පත්වූයේ යයිද පවසන ඔහු ජනාධිපති ලේකම්වරයා සමග පැවැත්වෙන සාකච්චා අසාර්ථක වුවහොත් රට පුරා මුස්ලිම් පල්ලි මුල් කර ගනිමින් විරෝධතා පවත්වන බවද පැවසීය.

මේ අතර අදාල ගැසට් පත්‍රය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය පවසන්නේ, එම ගැසට් නිවේදනය මගින් මුස්ලිම් ජනතාව මෙතෙක් පදිංචි සිටි ගම්මාන යළි පවරා ගැනීමක් සිදු නොවන බවයි. සංරක්ෂිත ලෙස අලුතින් නම් කරනු ලැබුවේ නැවත පදිංචි කිරීම් සදහා රක්ෂිතයෙන් මුදා හැර ඇති ඉඩම්වලට යාබද ප්‍රදේශ පමණක් බව එම නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කරයි.

Related posts

හෙට ජනපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි CID හිටපු අධ්‍යක්ෂ ශානිට සිතාසි

colombotoday

පොහොර සහනාධාරෙට වෙච්ච දේ

Admin

උ/ පෙළ නැවත සමික්ෂණ ප්‍රතිඵල නිකුත් වේ

colombotoday

“ගෝඨා වැඩේ කරන්න කිව්වා”- විනාඩි 7න් ගත් තීරණයක් ගැන ෆොන්සේකා හෙළි කරයි

colombotoday

අයහපත පලවා හැර යහපත කැන්දන, හින්දු බැතිමතුන් අඳුරින් ආලෝකයට පැමිණීම සමරන දීපාවලි උත්සවය අදයි

colombotoday

සහරාන්ට ඉන්දියාවට බෝට්ටුවෙන් පළා යන්න බදියුදීන්ගේ සහෝදරයා උදවු කරලා

colombotoday