තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වීම සඳහා එංගලන්තය බලා පිටත්ව ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (08) උදෑසන යළි දිවයිනට පැමිණ තිබේ.
පසුගිය මැයි 4 වනදා ජනාධිපතිවරයා එංගලන්තය බලා පිටත්ව ගියේය.
එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදුරාජ්‍ය මණ්ඩලයීය නායකයින්ගේ සමුළුවට එක්ව තිබුණි.