Colombo Today Local News

ආනයනික බිත්තර සිල්ලර වෙළෙඳපොළට නිකුත් කිරීම ගැන තීරණයක් ගෙන නෑ…

ආනයනික බිත්තර සිල්ලර වෙළෙඳපොළට නිකුත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා පෙන්වා දෙන්නේ, සිල්ලර වෙළෙඳපොළට ආනයනික බිත්තර නිකුත් කරන්නැයි විශාල වශයෙන් මහජන ඉල්ලීම් ලැබෙමින් ඇති බවයි.

කෙසේ නමුත්ආනයනික බිත්තර, හෝටල් සහ බේකරි ඇතුළු බිත්තර ආශ්‍රිත කර්මාන්ත වෙත පමණක් නිකුත් කරන බව ඔහු සඳහන් කරයි.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් මෙරට බිත්තර අවශ්‍යතාව පිළිබඳ කරන ලද අධ්‍යනයකින් පසුව එම බිත්තර මෙරටට ගෙන ඒමට තීරණය කර ඇත.

ඒ අනුව, දෛනිකව බිත්තර මිලියනක් ඉන්දියාවෙන් ආනයනයට අවසර ලබා දුන් බව ආසිරි වලිසුන්දර මහතා පවසයි.

ඔහු සඳහන් කරන්නේ, මිලියන 7 ක දෛනික අවශ්‍යතාව සැපිරීම වෙනුවෙන් එම පියවර ගත් බවයි.

මේ වනවිට දේශීය බිත්තර නිෂ්පාදනය මිලියන 4 ක් බව ද, සභාපතිවරයා පවසයි.

මේ අතර බිත්තර මෙරටට ආනනයනය කිරීම පිළිබඳ සොයා බැලීමට නිලධාරීන් කණ්ඩායමක් ඉන්දියාවට ගිය බව වෙළෙඳ අමාත්‍යාංශය ලේකම් රංජිත් අතපත්තු මහතා සඳහන් කළේ ය.

ඒ අනුව ඉන්දියාවෙන් තෝරාගත් ගොවිපොළ 2 කින් මෙරටට බිත්තර ආනයනයට පියවර ගැණෙනු ඇති.

Related posts

පොඩි මැණිකේ පීලිපනී

colombotoday

රනිල්ට එරෙහි වූ වරදට ශ්‍රීලනිප දහසයකට එජාපයෙන් විශ්වාසභංග

colombotoday

ට්‍රම්ප්ට බොදු බල සේනාවත් සුබ පතයි.. ඉස්ලාම් ත්‍රස්තයන් නැති කරන වැඩේ ඉක්මන් කරන්න ඉල්ලයි

colombotoday

චීනය හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වාර වැඩි කෙරේ…. වෛද්‍ය සිසුන්ට චීනයේ යළි අධ්‍යාපනය හදාරන්නත් අවස්ථාව

colombotoday

නල්ලූර් වෙඩිල්ලෙන් මතු වූ “සැබෑ සංහිදියාවේ“, සහෝදරත්වයේ හැගුම්බර කතාව (Video)

colombotoday

කොමදෝරු දසනායක ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගල් පැලෙන බොරු කියලා !

colombotoday