Colombo Today Local News

ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යාමේ දැඩි අවදානමක්

ඉදිරි මාස කිහිපයේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යාමේ දැඩි අවදානම් තත්ත්වයක් පවතින බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඉතා විශාල වශයෙන් ඩෙංගු රෝග ව්‍යාප්තිය පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඩෙංගු රෝගීන් වැඩිම දිස්ත්‍රික්කය ලෙස ද ගම්පහ පත්ව තිබේ.

මේ වනවිට ඩෙංගු රෝගීන් 36,911 ක් මෙරටින් වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි ප්‍රජා වෛද්‍ය ඉන්දික විරසිංහ මහතා සඳහන් කළේ, මේ මාසය තුළ ඩෙංගු රෝගීන් 7203 ක් වාර්තා වී ඇති බවයි.

සමස්ත රෝගීන්ගෙන් වැඩි සංඛ්‍යාවෙන් බස්නාහිර පළාතෙන් වාර්තා වේ.

ඉන් ගම්පහ දිස්ත්‍රික්කයේ රෝගීන් 22% ක් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 20% ක් ලෙස හඳුනාගෙන ඇත.

සමස්ත රෝගීන්ගෙන් 25% ප්‍රතිශතයක් පාසල් යන වයසේ දරුවන් වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Related posts

22 සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මෙන්න

colombotoday

පොලිසියේ 2891 කට උසස්වීම්

colombotoday

මෙවර බෙල්ලන්විල ඇසළ පෙරහර මංගල්‍ය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

Admin

තවත් ගෑස් පිපිරීමේ සිද්ධි 3ක්. දැනට අනතුරු 5යි

colombotoday

සුන්දර හෝටන් තැන්නේ සුන්දර හිම තුහින

Admin

IMF ප්‍රධානියාගෙ ඉල්ලීමට චීනය පාර්ශවයෙන් සුබවාදී ප්‍රතිචාරයක්

Admin