Colombo Today Local News

පොලිස් නිලධාරියෙකුට පහර දුන් කතක් සමඟ තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට

පොලිස් නිලධාරියෙකුට පහර දී රාජකාරියට බාධා කළ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු කැලණිය කොට්ඨාස අපරාධ විමර්ෂන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පෑලියගොඩ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පාලම අසල රථවාහන රාජකාරීයේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු හිස් වැසුම් නොමැතිව ධාවනයේ යෙදුනු යතුරුපැදිකරුවෙකු පරීක්ෂා කිරීමට යාමේදී එම ස්ථානයට තවත් කාන්තාවක් පැමිණ පොලිස් නිලධාරියා සමග ආරවුලක් ඇති කරගෙන ඔහුට පහර දීමක් සිදුකර ඇති බව වාර්තා වේ.

එහිදී තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර සැකකරුවන් අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට අද (25)දින ඉදිරිපත් කිරීමට නියමිතය.

සැකකාර කාන්තාව සහ පුද්ගලයින් දෙදෙනා පට්ටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අවුරුදු 51, 20 සහ 22 හැවිරිදි වියේ පසුවන බව වාර්තා වේ.

Related posts

රැකියා ඇති තරම්.. ඒත් සුදුසුකම් ඇති අය නෑ

colombotoday

නව වසර පරිවර්තනීය වසරක් බවට පත් කිරීමට එක්වන්නැයි ජනපතිගෙන් ආරාධනා..

colombotoday

කැබිනට් සංශෝධනය ඉරිදා.. දිවුරුම් දෙන්න එන්නැයි ඇමතිලාට දන්වයි

colombotoday

බුදු පිළිම විනාශ කිරීම රැල්ලට යයි.. උඩුනුවර, යටිනුවරත් බුදු පිළිම කඩා දමයි…

colombotoday

ජල මූලාශ්‍ර වැනසීමේ වාර්තාව යහපාලනයට !

colombotoday

හෙද හෙදියන් 150කට කොවිඩ්. ගැබිනි හෙදියන් 25දෙනෙකුත් ඒ අතර

colombotoday