
උප්පැන්න සහතිකයක් නොමැති ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා ජාතික හැඳුනුම්පත් ලබාදීමේ නව ක්‍රමවේදයක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී තිබේ.
ඒ අනුව ඊට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් ද අප්‍රේල් මස 19 වනදා සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් ට හා ග්‍රාම නිලධාරීන් වෙත යොමුකර ඇතැයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කර ඇත.




