Colombo Today Local News

දප්පුල ද ලිවේරා අත්අඩංගුවට ගැනීම හෝ ප්‍රකාශ සටහන් කර ගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක්

හිටපු නිතිපති දප්පුල ද ලිවේරා මහතා අත්අඩංගුවට ගැනීම හෝ ප්‍රකාශ සටහන් කර ගැනීම වළක්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව හිටපු නීතිපතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ටාසය අවස්ථා 3 කදී පැමිණිනෙන්නැයි ඒ මහතාට දැනුම් දී තිබිණ.

ඊට එරෙහිව නීතිපති දප්පුල ද ලිවේරා මහතා අභායාචනාධිකරණයට ගොනු කළ රීට් පෙත්සම සලකා බැලූ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබේ.

හිටපු නීතිපතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ්ද සිල්වා මහතා සමග ශානක කුරේ සහ දිමිත්‍ර අබේසේකර යන මහත්වරුන් පෙනී සිටියහ.

Related posts

රටම බලාසිටි ඓතිහාසික තීන්දුව අද හවස 4ට

colombotoday

‘කළු සතියට’ පක්ෂව අදත් ක්ෂේත්‍ර රැසක නිලධාරීන් විරෝධයේ

Admin

දේශය නැවත ගොඩ නැගීම උදෙසා හෙළ සුර්ය වංශය ජාතික සංවිධානය පිහිටුවේ…

colombotoday

“ඥානසාර හිමි කුමන්ත්‍රණයකින් හිරකළා” බොදු බලෙන් බුරුම රජයට ලිපියක්

colombotoday

මුඛ ආවරණ නොමැතිව සිටි 14 කට කොවිඩ් පොසිටිව්

colombotoday

අර්ජුන් ඇලෝසියස්ට සිතාසි

colombotoday