අධික අව් රශ්මියට නිරාවරණය වීම හේතුවෙන් ඉන්දියාවේ මහාරාෂ්ට්රා ප්‍රාන්තයේ 11 දෙනෙක් මරණයට පත්වී තිබේ.
විවෘත පිට්ටනියක පැවති ත්‍යාග ප්රධානොත්සවයකට සහභාගී වෙමින් සිටි පිරිසක් අතුරින් විශාල පිරිසක් අධික අව් රශ්මියට නිරාවරණය වීම හේතුවෙන් රෝහල් ගත කළ බවත් ඉන් 11දෙනෙක් මියගොස් ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ප්‍රකට සමාජ ක්‍රියාධරයෙක්ට උපහාර දැක්වීම සඳහා එම උත්සවය සංවිධානය කර තිබුණි.
ඊට සහභාගීවුවන්ට විජලනය සහ දැඩි අව් රශ්මිය හේතුවෙන් විවිධ රෝගාබාධ ඇතිවී තිබේ.