World

නරේන්ද්‍ර මෝදිගේ මැණියන් අභාවප්‍රාප්ත වෙයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෑණියන් හීරාබෙන්, අද (30) අලුයම 3.30 ට අභාවප්‍රාප්ත වූ බව ඇය ප්‍රතිකාර ලබමින් සිටි අහ්මදබාද් රෝහල නිවේදනය කළේය.

නවදිල්ලියේ රාජකාරිවල නියැලෙමින් සිටි, අග්‍රාමාත්‍ය මෝදි කඩිනමින් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අහ්මදාබාද් බලා පිටත්ව ගිය බවත් රාජකාරි කටයුතු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කරන බවත් පැවැසෙයි.

99 හැවිරිදි හීරාබෙන්, පසුගිය දා රෝහල්ගත කෙරුණේ වයසත් සමඟ ඇතිවුණු රෝගාබාධ හේතුවෙනි.

වෛද්‍යවරුන් එම අවස්ථාවේදී කියා සිටියේ ඇය වෙනුවෙන් කළ හැකි සියලු දේ සිදු කරන බවය.

මෑණියන්ගේ අභාවය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මෝදි සිය ටිව්ටර් ගිණුම හරහා සොව පළ කර ඇත.

Related posts

ඉන්දියාව ඇස්ට්‍රොසෙනෙකා අපනයනය අත්හිටුවයි

colombotoday

කැතේ පැසිෆික් සේවකයින් 8500කට රැකියා අහිමි වේ

colombotoday

ඉන්දියාවෙන් දිනක් තුළ නව කොරෝනා ආසාදිතයින් 57,704 දෙනෙකු හඳුනා ගැනේ

colombotoday

ඊජිප්තුවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටී 32ක් මරුට

colombotoday

ඉන්දියාවේ කොවිඩ් ප්‍රතිකාර රෝහලක ගින්නක් – රෝගීන් 13ක් මරුට

colombotoday

දිනක් තුල කොරෝනා අසාදිතයින් 28000 ක් ඉන්දියාවෙන්.

colombotoday