Colombo Today Local News

සම්භාහන මධ්‍යස්ථානයකට ගිය පුද්ගලයෙක් මිය යයි

කඳාන ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් තුළදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 42ක පමණ විවාහක පුද්ගලයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇත.

කඳාන නාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම පුද්ගලයා ඊයේ මධ්‍යම රාත්‍රියේ සම්භාහන මධ්‍යස්ථානය වෙත පැමිණ තිබේ.

පසුව අද අලුයම් කාලයේදී එම පුද්ගලයා එහිදී ජීවිතක්ෂයට පත්ව ඇත.

හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියයන්නට ඇති බවට පොලීසිය සැකපළ කරයි.

කඳාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Related posts

දුමින්ද පිම්මකට සැරසෙයි.. ශ්‍රීලනිපයෙන් යන බව ජනපතිට දන්වයි !!

colombotoday

නිරෝධායන ඇඳිරිනීතිය සැප්තැම්බර් 13 උදෑසන 4 දක්වා දීර්ඝ කෙරේ.

colombotoday

මත්තල ගුවන්තොටුපොළින් 2022 දී කෝටි 2221ක් පාඩුයි

Admin

දුමක් ආග්‍රහණය වී පාසලක සිසුන් පිරිසක් රෝහලට

Admin

ලබන මස මැදදී සංචාරකයන්ට මුළු රටම විවෘත කිරීමේ සැලසුමක්

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday