Colombo Today Local News

පිළිකා රෝගීන්ගේ ගිණුම්වලට විද්ද තරුණයාට වැඩ වරදී

පිළිකා රෝගීන් දෙදෙනෙකු රවටා ඔවුන්ගේ බැංකු ගිණුම් අයුතු ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ තුනකට මුදලක් වංචා කරන ලද තරුණයෙකුට බරපතළ වැඩසහිත සිරදඬුවමක් හොරණ මහෙස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා ඊයේ (01) නියම කර තිබේ.

මරණයත් සමග අහිංසක පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා ඇති මුදල් වංචා කිරීම හේතුවෙන් විත්තිකරුට අදාළ දඬුවම් නියම කරන බව මහෙස්ත්‍රාත්වරයා, තීන්දු ප්‍රකාශයට පත්කරමින් සඳහන් කර ඇත.

එම සිද්ධියෙන් අගතියට පත් පිළිකා රෝගීන් දෙදෙනාට රුපියල් ලක්ෂයක වන්දියක් සහ රුපියල් එක්දහස් පන්සියක දඩ මුදලක් ගෙවන ලෙසත් වන්දි මුදලක් සහ දඩ මුදල් නොගෙවන්නේ නම අමතර මාස 6ක බරපතළ වැඩසහිත සිරදඬුවමක්ද විත්තිකරුට නියම කර තිබේ.

මෙලෙස දඬුවම් නියම වුයේ එරාවුර් ප්‍රදේශයේ පදිංචි අබ්දුල් එලීම් වසීමුල්ලා නොමැති විත්තිකරුවෙකුටය.

අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ සමාජ මාධ්‍ය ඒකකය මඟින් විත්තිකරුට එරෙහිව එම නඩුව පවරා තිබුණි.

පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා ආධාර උපකාර කරන ලෙසට සඳහන් පුවපත් දැන්වීමකට අනුව දුරකථන ඇමතුම් ලබාදී පැමිණිලිකාර පිළිකා රෝගින් දෙදෙනාගේ බැංකු ගිණුම්වලට ඇයුතු ලෙස ඇතුළු වී සැකකරු මුදල් වංචා කර තිබෙන බව අධිකරයේදී අනාවරණය වී තිබේ.

Related posts

අද රට කරවන්නේ රනිල්,සාගල,අකිල, මංගල ආදී සමලිංගකයෝ කණ්ඩායමක් – ඥානසාර හිමි

colombotoday

උතුරු-නැගෙනහිර භික්ෂූන් වහන්සේලාගේ ජීවිත අනතුරේ… විහාරස්ථානවල ආරක්ෂාව තහවුරු කරන්න…

colombotoday

ශ්‍රී ලංකාව ලොව මිත්‍රශීලීම රටවල් 10 අතරට

colombotoday

රත්නපුර ආසාදිතයාගේ මවට හා මිත්තනියටත් කොරෝනා

colombotoday

ස්වාධීන රතන හිමි ජනපති ව්‍යාපෘතියේ ගොයම් නෙලයි !

colombotoday

උතුරු පළාතේ වෛද්‍යවරුන් වැඩවර්ජනයක

Admin