Colombo Today Local News

මහවැලි ගඟේ නාඳුනන මළ සිරුරක්

කටුගස්තොට පොලිස් වසමේ මාවිල්මඩ ප්‍රදේශයේ මහවැලි ගඟේ තිබී නාඳුනන මළ සිරුරක් සොයා ගෙන තිබේ.

කටුගස්තොට පොලිසියට ලැබුණු තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඊයේ (1) උදෑසන කාලයේදී මෙම මළ සිරුර සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.

එලෙස සොයා ගත් මළ සිරුර පිරිමි පුද්ගලයෙකුගේ බව පොලිසිය පවසයි.

මරණකරු වයස අවුරුදු 40ත් 50ත් අතර වූ පිරිමි පුද්ගලයෙකු වේ.

අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර මෘත ශරීරය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

පාර්ලිමේන්තුවට මිරිස්කුඩු ගැසීමේ වරද කුමක්ද? මිරිස්කුඩු තහනම් භාණ්ඩයක්ද?- ප්‍රසන්න රණවීර අසයි

colombotoday

ගාලු මුවදොර පිටියේ වෙළඳ සැල් 9ක් සොරු බිඳියි

colombotoday

වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි ත්‍රස්තවාදීන් – පෙරටුගාමීන්ට තදින්ම ක්‍රියාත්මක වෙනවා වචන දෙකක් නැහැ

Admin

පාස්කු ප්‍රහාරය පිටුපස විදෙස් හස්තයක් ?

colombotoday

“අලුත් ව්‍යවස්ථාවෙන් රට බෙදෙන්නෑ.. බුද්ධාගමටත් හානියක් නෑ” – ඇමති පා.ච. කියයි

colombotoday

තිබෙන සහල් තොග මාස 3 කට ප්‍රමාණවත්

colombotoday