Colombo Today Local News

ගුවන් ටිකට්පත් මිල අඩු වෙයි

ඩොලරයේ අගය අඩුවීමත් සමග ගුවන් ටිකට්පත්වල මිල 20%කින් පමණ අඩු වී ඇති බවත් ඉදිරියේදී තවත් අඩු කිරීමට ගුවන් සමාගම් පොරොන්දු වූ බවත් වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

මෙරට ක්‍රියාත්මක ගුවන් සේවා සමාගම්වල නියෝජිතයන් සමග පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

සංචාරකයින් විශාල පිරිසක් මෙරටට මේ දිනවල පැමිණෙමින් ඇති බවත් ඒ අනුව නව ගුවන් සේවා හතක් පමණ මෙරටට පැමිණීමට නියමිත බවත් මෙම සාකච්චාවේදී හෙලි විය.

මේ වන විට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගී තදබදයක්ද පවතින අතර ඊට හේතුව භූමි මෙහෙයුම්වල පවත්නා ප්‍රමාදය බවත් නියෝජිතයන් පැවසූහ.

Related posts

අගමැති ආපසු හැරෙයි.. ජනපති යාපනේ නෑගම් යයි !

colombotoday

ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් සහ අගමැති අතර විශේෂ සාකච්ඡාවක්

colombotoday

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුනේ සිංහල බෞද්ධ ඡන්ද වලින් පමණයි. එය ඔහුට ලැබුණු විශාල අවමානයක්. සුමන්තිරන් කියයි

colombotoday

ශානි අබේසේකර අත්අඩංගුවට

colombotoday

බොදු ජන පෙරමුණ වෙනුවට සිංහලේ මහජන පෙරමුණ එයි?

colombotoday

ශ්‍රීලනිප 16 කණ්ඩායම අද විපක්ෂයට… විශේෂ ප්‍රකාශයකුත් සූදානම්

colombotoday