Colombo Today Local News

වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුව ගැන බලන්න ජනපතිගෙන් කමිටුවක්

රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුවට බාධාවක් නොවන පරිදි අනෙකුත් විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබාදීම සඳහා ශික්ෂණ රෝහල් ලෙස භාවිත කිරීමට සුදුසු රජයේ රෝහල් හඳුනාගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කරනු ලැබ තිබේ.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය, වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල, ලයිසියම් කැම්පස් සහ කොළඹ, කළුතර, ගම්පහ, කුරුණෑගල සහ පොළොන්නරුව යන විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන වෛද්‍ය සිසුන් සඳහා ශික්ෂණ රෝහල් ලෙස භාවිතයට යොදා ගැනීමට සුදුසු රජයේ රෝහල්, අධ්‍යයනය කිරීම, සමාලෝචනය කිරීම, හඳුනා ගැනීම සහ සායනික පුහුණුව ලබා දීමට ඇති හැකියාව මෙම කමිටුව මගින් සොයා බැලීමට නියමිතයි.

ජනාධිපතිවරයා මෙම කමිටුවට උපදෙස් දී ඇත්තේ, හඳුනා ගනු ලබන රෝහල් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය සංවර්ධන කටයුතු පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කළ යුතු අතර සති 8ක කාලයක් ඇතුළත කමිටුවේ සොයාගැනීම් සහ නිර්දේශ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.

සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ සභාපතිත්වයෙන් යුතු එම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ,

  • සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය ආර්. එම් සමන් කුසුම්සිරි
  • රත්නායකසෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ( වෛද්‍ය සේවා) වෛද්‍ය ඒ. කේ. එස් ද අල්විස්
  • විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග
  • ජ්‍යෙෂ්ඨ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය මොහාන් ද සිල්වා
  • ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය භවන්ත ගමගේ
  • විකලාංග සහ ක්ෂථ පිළිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය නරේන්ද්‍ර පින්ටෝ
  • කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය නාමල් විජේසිංහ
  • ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර දිසානායක
  • රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය දර්ශන සිරිසේන
  • කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ විධායක අධ්‍යක්ෂ මහාචාර්ය ජේ. බලවර්ධන
  • සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද අධ්‍යක්ෂ ( වෛද්‍ය සේවා) ආර්. එල් . එස් සමන්මලී යන මහත්ම මහත්මීන් ය.

Related posts

නිරෝධායනය අවසන්ව නිවසට යමින් සිටි අයෙක් මහමග මිය යයි

colombotoday

මහ බැංකුවෙන් පොළී අනුපාත ගැන දැනුම්දීමක්

colombotoday

සිය බිරිද ඝාතනයට වසර14 කට පසු හිමිවූ මරණ දඬුවම

Admin

නිල් බලකායෙන් ගහන්න ආවා.. මං පිස්තෝලේ අරන් දිව්වේ එජාප මන්ත්‍රීලාගේ ආරක්ෂාවටයි – එරාජ් ප්‍රනාන්දු

colombotoday

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ පැහැදිලිව ඇති පරිදි බුදුදහම ආරක්‍ෂා කර පෝෂණය කිරීම රජයේ වගකීමයි – ගයන්ත

colombotoday

“LTTEය යුරෝපයේ තහනම් කිරීම වැරදියි.. කදිරගාමර් කළේ නොහොබිනා වැඩක්” – එරික් සෝල්හයිම් කියයි

colombotoday