බංග්ලාදේශයේ ඩකා අගනුවර ආපන ශාලාවකට ඊයේ රාත්රියේ එල්ල වූ ISIS ප්රහාරයේදී ත්රස්තයන් විසින් ප්රාණ ඇපයට ගත් විදේශිකයන්ගෙන් 12 දෙනෙකු පමණ බේරාගෙන ඇති බවත් ඒ අතර ප්රාණ ඇපයේ පසුවූ ශ්රී ලාංකිකයන් දෙදෙනාද වන බවත් වාර්තා වනවා.
අයි එස් සටන්කාමින් විසින් මෙලෙස ප්රාණ ඇපයට ගත් අය අතර ඉතාලි ජාතිකයින් 7ක්, ලාංකිකයින් 2ක්, ජපන් ජාතිකයින් මෙන්ම බංග්ලාදේශ ජාතිකයින්ද වන බව මුලදී වාර්තා විය.
ඉතිරි ප්රාණ ඇපකරුවන් බේරා ගැනීම සදහා බංග්ලාදේශ ආරක්ෂක අංශ මෙහෙයුම් ක්රියාත්මක කරමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.