ජාතික සංහිඳියාව ගොඩනැගීමේ ක්‍රියාවලියේදී තම කාර්යයට පිටස්තර බලපෑම් එල්ලවී ඇති බව ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා ඇමැති මනෝ ගනේෂන් මහතා ජනාධිපතිවරයාට පැමිණිලි කර ඇතැයි එම අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.
හිටපු ජනාධිපතිනියගේ සභාපතිත්වයෙන් යුතු ජාතික සමගිය සහා සංහිඳියාව සඳහා වූ කාර්යාලය තම අමාත්‍යංශ කටයුතුවලට දිගින් දිගටම ඇඟිලි ගසමින් සිටින බව ද ඇමැතිවරයා පැමිණිලි කර තිබේ.
සංහිඳියාව විෂය පථයට ගැනෙන කාර්යයන් අමාත්‍යංශ කිහිපයකට සහ ආයතන කිහිපයකට පවරා ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීවේය.