Colombo Today Local News

අත්අඩංගුවේ සිටින රණවිරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා ආබාධිත සෙබළෙක් උපවාසයක

බොරු චෝදනාවන්ට දැනට සිරගත කර සිටින යුද හමුදා කමාන්ඩෝ බළකායේ හිටපු නිලධාරියකු වන සුනිල් රත්නායක මහතා ඇතුළු අනෙකුත් යුද හමුදා රණවිරුවන් වහා නිදහස් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් හා රජයෙන් ඉල්ලා ආබාධිත හමුදා සෙබළකු විසින් ඊයේ (1දා) උදෑසන අනුරාධපුර බැංකු පෙදෙසේ ඔරලෝසු වටරවුම අසල උපවාසයක් ආරම්භ කළේය.

නාච්චාදුව වැවපාර, ඥානිකුලම, අනුරාධපුර ලිපිනයේ පදිංචි එම්.බී. වසන්ත කුමාර නමැති 42 හැවිරිදි දෙදරු පියකු වන ආබාධිත සෙබළා සිය සගයන්ට නිදහස දෙන්නැයි ඉල්ලමින් උපවාසය ආරම්භ කර තිබිණි. එහිදී අදහස් දැක්වූ වසන්ත කුමාර මහතා, උතුරේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී දෙවතාවක් මා එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ප්‍රහාරවලට ලක් වුණා. ප්‍රහාර නිසා මගේ පාදයක් ආබාධයට ලක්ව තිබෙනවා. මේ රට බේරාගැනීමට මරණය අබියස සිට ලේ, කඳුළු, දහදිය හෙළුෑ ජාතික වීරයන් වූ රණවිරුවන් සිරගත කර තැබීම හා එල්ලා මැරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මා ක්‍රියාන්විත රාජකාරියේ සේවය කළ ආබාධිත රණවිරුවකු ලෙස දැඩිව විරුද්ධ වෙනවා.

මා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර සිටින්නේ හමුදා නිලධාරි සුනිල් රත්නායක මහතා ඇතුළුව බොරු චෝදනාවලට සිරගත කර සිටින ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටි සියලුම රණවිරුවන් පෙබරවාරි හතරදාට යෙදෙන නිදහස් දිනයට පෙර හෝ එදිනට නිදහස් කර දෙන ලෙසයි. එදිනට මොවුන්ට නිදහස නොලැබුණහොත් පෙබරවාරි 4දා සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට තමන් කටයුතු කරනවා යැයි ඔහු පැවැසුවේය.

Related posts

කොළඹ ජාතික රෝහලේ 34 35 36 වාට්ටු වසා දමයි

colombotoday

කේරල ගංජා හා අයිස් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට

colombotoday

අනවසර ගොඩ කිරීම් නවතන්න ගිය රන්ජන්ට ජෝන්ගේ ආධාරකරුවන්ගෙන් ජල ප්‍රහාරයක්

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

රනිල්ට බැරිවුනොත් පාර්ලිමේන්තු යන්නේ රුවන් – දිවු­ල­පි­ටිය එජාප සංවි­ධා­යක කිත්සිරි මංච­නා­යක කියයි

colombotoday

ශ්‍රී ලංකාවේම නිපද වූ Quadricycle රථය ළගදීම වෙළදපොලට !

colombotoday