නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති තෙත් බිම් උද්‍යාන නවීන තාක්ෂණය ඔස්සේ ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
ඒ අනුව, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි බැද්දගාන තෙත් බිම් උද්‍යානය සඳහා නව QR කේතයක් හඳුන්වා දීම නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03)දින සිදු කෙරුණි.