Colombo Today Local News

පුංචි ඡන්දෙ පැවැත්වෙන දිනය මාර්තු 03 වනදා ප්‍රකාශයට පත්කරයි

පළාත් පාලන ඡන්දය පැවැත්වෙන දිනය මාර්තු 03 වනදා ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිසම පවසයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මාර්තු 9 වනදා පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද (24) පෙරවරුවේ රැස්වී ඒ බව තීරණය කර තිබේ.

ඒ අනුව මැතිවරණ කොමිසම වැඩිදුරටත් තීරණය කර ඇත්තේ කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැඟී ඇති කරුණු හේතුවෙන් මාර්තු 09 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයනත ඡන්ද විමසීම එදිනට නොපැවැත්වෙන බවය.

මෙම සාකච්ඡාව සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා එහි සාමාජිකයින් වන එස්.බී. දිවාරත්න, එම්. එම්. මොහොමඩ් සහ කේ. පී. පී. පතිරණ යන මහත්වරුන් එක්වී සිටි බව වාර්තා වේ.

ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන භාණ්ඩාගාරය වෙතින් ලබාගැනීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලීමක් පාර්ලිමේන්තුවේ කථානායක වෙත ඉදිරිපත් කිරීම ට ද තීරණය කර තිබේ.

එහිදී, 2023.03.09 දිනට පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව විසින් ව්‍යවස්ථාපිතව සිදුකළ කාර්යයන් පිළිබඳව තොරතුරු ඇතුළත් වාර්තාවක් ද ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

මුදල් ඇමති රට යයි

colombotoday

ජෙරම්ගේ පෙත්සම කැඳවීමට දින දෙයි

Admin

පෞද්ගලික අංශ සේවක විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය

colombotoday

පදනම් විරහිත චෝදනා ප්‍රතික්ෂේප කරනවා, බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය පරාජය කරනවා – එජාපය කියයි

colombotoday

බදියුදීන් අධිකරණයට අපහාස කරලා?

Admin

වැලිකඩ වෙඩිතැබීමක්

Admin