Colombo Today Local News

උසස් පෙළ උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති අද (01) මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වන තෙක් තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, විෂයානුබද්ධ දේශන සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම යනාදිය අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර ඇති බවය.

2021-2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන 07 වන දින සිට මාර්තු මස 05 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙවර උසස් පෙළ විභාගය සඳහා සිසුන් 345,242 කු විභාග මධ්‍යස්ථාන 2,438කදී විභාගයට පෙනී සිටීමට නියමිතව තිබේ.

උසස් පෙළ විභාගය පැවැත්වීමේදී වේලාව නිවැරදිව ප්‍රදර්ශනය කරන ලෙස සියලු විභාග ශාලාධිපතිවරුන්ට නියෝග කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා සඳහන් කරයි.

Related posts

ගිනිඅවි තුනක් සහ ගංජා ගස් සමඟ අයෙක් අත්අඩංගුවට

Admin

විජිතට හැරෙන තැපෑලෙන් පිලිතුරු

Admin

ටින් මාළු – පරිප්පු වැඩි මිලට අලෙවි කළ වෙළඳුන් 33 කට වැඩවරදී

colombotoday

ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇති වීමේ තත්ත්වයක් ගැන ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

colombotoday

“හැමෝගෙන්ම බැනුම් අහන මේ විදිහේ අයවැයක් හැදීමත් අභියෝගයක්” බන්ධුල කියයි

colombotoday

ආදාහනයට උපදෙස් නොලැබුණු මළ සිරුරු අටක් මෘත ශරීරාගාරවල ගොඩගැසෙයි.

colombotoday