Colombo Today Local News

කතා කරන්නේ දෙමළ නිසා තමිල්නාඩු ධීවරයන්ට උතුරු මුහුද ආක්‍රමණය කරන්න ඉඩ ඉල්ලයි !

south-indian-fishermenඉන්දීය රාජ්‍යතාන්ත්‍රකයින්ගේ හා ධීවර නායකයින්ගේ පොරොන්දු හා ප්‍රකාශ පිළිබදව කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව උතුරේ ධීවර සමිති නායකයෝ පැවසූහ. ඔවුන් එසේ පවසන්නේ පසුගිය සතියේදී ඉන්දියාවේදී පැවති දෙරටේ ධීවර සාකච්ඡාවේදී ඉන්දීය ධීවරයින් උතුරු මුහුදට බලහත්කාරයෙන් පැමිණීම නතර කරණ බවට ඔවුන් පොරොන්දුවුවත් මේ සතිය පුරාම ඉන්දීය ධීවරයින් තම මුහුදු සීමවට පැමිණි බව පවසමිනි.

පසුගිය සතියේදී ඉන්දීය ධීවර සාකච්ඡාවට උතුරු පළාත නියෝජනය කරමින් සහභාගි වූ එම්.එන්.අලාම් කියා සිටියේ සාකච්ඡාවලදී දැන් ඉන්දීය රාජ්‍යතාන්ත්‍රිකයින් හා ධීවර නායකයින් සෑමවිටම භාෂාව හා මානුෂීය භාවය පදනම් කරගෙන සාකච්ඡා ආරම්භ කරණ බවයි. ඉන්දීය ධීවරයින් හා උතුරේ ධීවරයින් දෙපිරිසම කතා කරන්නේ දෙමළ භාෂාවම බැවින් මේ ප්‍රශ්නය ඉතාම සුහදව විසදා ගත යුතු බව ඉන්දියාව නිතරම පවසන්නේ යැයි ධීවර සමීති නායකයා කියා සිටිනවා.

යුදසමයේදී ඉන්දීය රජය උතුරේ දෙමළ වැසියන්ට ඉතා විශාල වශයෙන් උදවු උපකාර කළ බවද මානුෂීය අන්දමට සලකන ලද අන්දමද විස්තර කරමින් කරමින් ශ්‍රී ලාංකිකයින්ගේ අනුකම්පාව දිනාගැනීමට ඉන්දීය රාජ‍ය තාන්ත්‍රිකයින් හා ධීවර සමිති නායකයින් දැඩි වෙහෙසක් දරමින් උතුරේ මත්ස්‍ය සම්පත කොල්ල කෑමට තවත් පසෙකින් සූදානම් වන බවද ධීවර සමීති නායක එම්.එන්.අලාම් පැවසීය.

මේ සාකච්ඡාවට සහභාගි වූ ධීවර අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ ඉතිහාසයේ කිසිම දිනක නොවූ අන්දමට ඉන්දියාව උතුරු මුහුදට ට්‍රෝලර් වලින් පැමිණ කරණ බලහත්කාර ක්‍රියාව වැරදි බව මුල්ම වතාවට පිළිගත් වගයි. මේ ගැටළුව විසදා ගැනීමට මාස හයකට වරක් දෙරටේම ධීවර අමාත්‍යවරු මුණගැසී සාකච්ඡා කිරීමටත් ධීවර නායකයින්ටත් එවැනි සාකච්ඡා වලට ඉඩ ලබාදීමට තීරණය කළ වගත් ධීවර අමාත්‍යවරයා පැවසීය.

මෙම සාකච්ඡාවේදී දැනට අත්අඩංගුවට ගෙන තිබෙන ඉන්දීය යාත්‍රා හා ධීවරයින් නිදහස් කරණ ලෙස ඉතා ප්‍රබල ඉල්ලීමක් ඉදිරිපත් වුවත් එය එසේ කිරීමට නොහැකි බව දැණුම් දුන් බවද අමාත්‍යවරයා කියා සිටියේය.

ඉන්දීය රජය හා ධීවර සමීති නායකයින් වසරකට දින 85 ක කාලයක් උතුරු මුහුදට පැමිණ මසුන් මැරීමට ඉන්දීය ධීවරයින්ට අවස්ථාවක් සලසා දෙන ලෙසට රජයෙන් කළ ඉල්ලීමට ධීවරයින් අකැමැති නිසා එය කිසිසේත් සිදු නොකරණ බවද මහින්ද අමරවීර වැඩිදුරටත් කියා සිටියේය.

දිනසේන රතුගමගේ

Related posts

ගම්මන්පිල අත්අඩංගුවට ගැනීම බැලූබැල්මට නීති විරෝධීයි – අගවිනිසුරු

colombotoday

සුදු කරපටි හොරු තමයි ලංකාව නැති කෙරුවේ. හිටපු මුදල් ඇමති අද හොයාගන්නත් නෑ හැංගිලා. – අනුර ප්‍රියදර්ශන යාපා කියයි

colombotoday

මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය ඉල්ලා අස්වේ !

colombotoday

74වන ජාතික නිදහස් දින සමරු උළෙල ඇරඹෙයි

colombotoday

එල්ටීටීඊ තහනම පවත්වා ගෙන යායුතු බව ඉන්දියාව එක්සත් රාජධානිය ට දන්වයි

colombotoday

බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday