Colombo Today Local News

රියදුරු බලපත්‍ර ලබාගැනීමට ප්‍රථමාධාර පුහුණුවකුත් ඇතුල් ක‍රයි

රියදුරු බලපත්‍ර ලබාගැනීමේ ලිඛිත සහ ප්‍රායෝගික පරීක්ෂණයේදී ඊට ප්‍රථමාධාර පුහුණුවද ඇතුළත් කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය සඳහන් කරයි.

ඊයේ (20)දින මහාමාර්ග හා ප්‍රවාහන අමාත්‍යංශයේ පැවති “ප්‍රථමාධාර පුහුණු කිරීම හා ජීවිත මුදවාගැනීමේ ව්‍යාපෘතිය” පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනේදී මේ ගැන අදහස් දක්වා තිබේ. මෙම ව්‍යාපෘතිය රතු කුරුස සමාජය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු ආයතන එක්ව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

දෛනිකව සිදුවන රථවාහන සහ මාර්ග අනතුරුවලදී සිදුවන ජිවිතහානි වළක්වා ගැනීම සහ නිවැරදි ප්‍රථමාධාර ක්‍රමවේද හදුන්වාදීමේ වැදගත්කම නිසා පොලිස් නිලධාරින් හා රියදුරන් වෙත මෙම ප්‍රථමාධාර පුහුණුව ලබා දීම ව්‍යාපෘතියේ අරමුණ වෙයි.

අධිවේගී මාර්ග තුළ සිදුවුන රිය අනතුරුවලදී කඩිනමින් ක්‍රියාත්මක වියහැකි ආකාරයෙන් ප්‍රථමාධාර පිළිබඳ පුහුණුවක් අධිවේගී මාර්ගයේ සේවයේ නියුතු කාර්ය මණ්ඩල වෙත ලබාදීමේ වැඩසටහනක් ඉතාමත් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී යෝජනා වී ඇත.

ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු සඳහා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ප්‍රවාහන වෛද්‍ය ආයතනය, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික අධිකාරිය ඇතුළු අනෙකුත් ආයතනවල උපරිම සහයෝගය සහ දායකත්වය ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී අදහස් පළ කළේය.

Related posts

2019 මැතිවරණ වසරක්… සූදානම්වන්නැයි ජනපති ශ්‍රීලනිපයට දැනුම් දෙයි…

colombotoday

“බුද්ධි අංශ ඝාතන සිදුකළා නම් වගකීම ෆොන්සේකාගේයි“ හිටපු බුද්ධි ප්‍රධානී හෙන්දාවිතාරණ

colombotoday

ඉන්දියාවෙන් ලංකාවට ඇරයුමක්

colombotoday

රට බේරා ගත් රණවිරුවෝ අද හිර ගෙවල්වල දුක්‌ විඳිනවා – ගෝඨාභය රාජපක්‍ෂ

colombotoday

චීනයේ එන්නත් රැගත් ගුවන් යානය දිවයිනට

colombotoday

තුර්කි ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපොළේදී අනතුරකට

colombotoday