Colombo Today Local News

පාර්ලිමේන්තුවේ නිලධාරීන් සහ සේවකයන් 35ක් ගෙදර යයි

පාර්ලිමේන්තුවේ නිලධාරීන් සහ සේවකයන් 35 දෙනෙකු පසුගිය 31 වෙනිදා විශ්‍රාම ගොස් ඇතැයි වාර්තා වේ.

මෙසේ විශ්‍රාම ගිය පිරිසට අංශ ප්‍රධානීහු කිහිප දෙනෙක්ද ඇතුළත් වූහ.

රජයේ සේවකයන්ගේ විශ්‍රාම යන වයස් සීමාව 60 දක්වා සීමා කිරීමට රජය පසුගියදා ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේය. පාර්ලිමේන්තුවේ මේ පිරිස විශ්‍රාම ගියේ ඒ අනුව බවද වාර්තා වේ.

මෙම නිලධාරීන් සහ සේවකයන් සිය රාජකාරි කාලය දීර්ඝ කර ගැනීමට පසුගිය කාලයේදී කිසියම් උත්සාහයක් ගත්තද එය ව්‍යාර්ථවිය. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ මේ ප්‍රශ්නයේදී පාර්ලිමේන්තුවට විශේෂ ආකාරයෙන් සැලකුවහොත් රාජ්‍ය සේවය තුළ විශාල ව්‍යාකූල තත්වයක් මතුවිය හැකි බවයි.

එසේ හෙයින් පාර්ලිමේන්තු නිලධාරීන්ට සහ සේවකයන්ට පමණක් විශේෂ කර සේවා දීර්ඝයක් ලබාදිය නොහැකි බවද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

වයස 60 සම්පූර්ණ වන පාර්ලිමේන්තුවේ තවත් සේවකයන් පිරිසක් මේ වසරේදී විශ්‍රාම ගැනීමට නියමිත බවද පාර්ලිමේන්තු නිලධාරීහු පෙන්වා දෙති.

වයස 60 සම්පූර්ණවූ රාජ්‍ය සේවකයන් තිස් දහසකට ආසන්න පිරිසක් පසුගිය 31 වෙනිදා විශ්‍රාම ගියහ.

Related posts

ඥානසාර හිමි ධර්ම චාරිකාවේ යෙදෙති – මේ වසරේ 270 වන ධර්ම දේශනය අද හොදැල්ලදී

colombotoday

බස්නාහිර පළාත තුල කොරෝනා තත්වයේ යම් පාලනයක්

colombotoday

යුද්ධය ගැන චන්ද්‍රිකාගේ පහත් කතාවලට ගෝඨාභයගෙන් උසස් පිළිතුරක්

colombotoday

කොල්ලුපිටිය නව වෙළඳ සංකීර්ණය කඩිනම් කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

colombotoday

දුම් බද්දේ කරුමයට පාසල් ළමුන්ටත් කරගහන්න වෙයි!

colombotoday

රනිල්ද, කරුද, සජිත්ද… එජාප නායකත්වය පිළිබද තීරණාත්මක සාකච්ඡාව අද !

colombotoday