Colombo Today Local News

චීනයෙන් ලැබුණු ඩීසල් විශේෂ වවුචරයක් මගින් Online ක්‍රමයට අද සිට නිකුත් කෙරේ…

චීන රජය මෙරට ගොවීන් සඳහා පරිත්‍යාග කළ ඩීසල් තොගය, විශේෂ වවුචරයක් මගින් Online ක්‍රමයට නිකුත් කිරීමේ වැඩපිළිවෙළ අදින්(09)දිනයේ ආරම්භ වෙයි.

ඒ, අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදීයී.

වැඩපිළිවෙළ යටතේ අක්කර බාගයේ සිට හෙක්ටෙයාර් 02 දක්වා වී වගා කරන ගොවීන්ට අස්වනු නෙළීම සඳහා නොමිලයේ ඉන්ධන ලබාදෙයි.

ඒ යටතේ හෙක්ටයාරයක් සඳහා ඩීසල් ලීටර් 15ක් ලබාදීමට නියමිතයි.

ජනාධිපතිවරයා කරන ලද ඉල්ලීමකට අනුව ඩීසල් ලීටර් මිලියන 10.06 ක් චීනය රජය මෙරටට පරිත්‍යාග කළේ ය.

ඉන්, ලීටර මිලියන 6.98 ක් වෙන් කෙරුණේ කෘෂිකාර්මික කටයුතු සඳහායි.

ඉතිරි ඩීසල් තොගය, ධීවර කටයුතු සඳහා වෙන් කෙරිණ.

Related posts

මහ බැංකු නිවේදනයක්

Admin

සේවය අත්හැරයාමේ නියෝගය ලබා සිටින පොලිස් නිලධාරින් වෙත නිවේදනයක්

colombotoday

ඇමරිකානු බලහත්කාරයට එරෙහිව ලක් රජය අභීතව නැගී සිටී… හමුදාපතිට එරෙහි තහනමට එරෙහිව විරෝධය දක්වයි…

colombotoday

කල්මුනේ පාසල් හෙට සිට සතියක් වැසේ

colombotoday

“ගැටුම්වලට හවුල් යැයි රාජිත කී මන්ත්‍රීන් දෙදෙනා හෙළිකරන්න” – ඒකාබද්ධය, ජවිපෙ ඉල්ලයි

colombotoday

මධුෂ් මංකොල්ල කෑ කෝටි 700 දියමන්තිය ඩුබායි ගෙන ගියේ රයන්ද?

colombotoday