Colombo Today Local News

‘හොරකම පැහැදිලියි… අර්ජුන් බැණාගේ දවසක ලාභය එක්කොටි අසූ ලක්‍ෂයක්’ – ජවිපෙ

kamba-horu2013 වසරේ ආරම්භ කල ‘පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම’  2015දී කෝටි 520ක් ලැබීමට ප්‍රධාන සාධකය වන්නේ 2015 පෙබරවාරි මාසයේ සිදුවූ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

2014 වර්ෂයේ දී කෝටි 90ක ලාභයක් ඉපයූ ‘පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම’  2015 දී කෝටි 520ක ලාභයක ට හිමිකම් කියන්නේ ඒ හේතුවෙන් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

‘පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම’  මහ බැංකු අධිපතිව සිටි අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බැණා වන අර්ජුන් ඇලෝසියස් මහතාට අයත්වේ.

මේ ගනුදෙනුව සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ජවිපෙ නායකයා වැඩි දුරටත් මෙසේද පැවසිය.

හොරකම පැහැදිලියි :

”ලංකාවේ ප්‍රධාන පෙළේ වාණිජ බැංකුවල 2015 මාර්තු-2016 මාර්තු වර්ෂයට අදාළ ලාභයට වඩා විශාල ලාභයක් පර්පචුවල ට්‍රෙෂරීස් සමාගම ලබාගන්නවා. එම ලාභය කෝටි 520ක්. ඒ අනුව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ එක් දිනක ලාභය එක්කොටි අසූ ලක්‍ෂයක් පමණ වෙනවා.

විශාල ශාඛා ප්‍රමාණයක්, විශාල සේවක සංඛ්‍යාවක් තිබෙන වානිජ බැංකුවක් ලබන ලාභයට වඩා එක් කාර්යාලයක් තිබෙන, සේවකයින් 20ක් පමණ ඉන්න සමාගමක් මෙතරම් ලාභයක් ලබාගන්නේ කොහොමද?

2014 වර්ෂයේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ලාභය කෝටි 90ක් වනවිට 2015 වසරේ එතරම් ලාබයක් ලබන්නේ කොහොමද?

2013 වසරේ ආරම්භ කරපු එම සමාගම 2015දී කෝටි 520ක් ලැබීමට ප්‍රධාන සාධකය වන්නේ 2015 පෙබරවාරි මාසයේ සිදුවූ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවයි.

 ගනුදෙනුවේ ප්‍රතිඵල:

එම සමාගම විසින් සිදුකරනු ලබන්නේ බැඳුම්කර මිලදීගෙන විකිණීම පමණයි. මෙම ලාභයට හේතුව මාමාගේ සහ බෑනාගේ ගනුදෙනුවේ ප්‍රතිඵලයයි.

අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති වීම මෙම සමාගමේ ලාභයට හේතු වුණා. ඒ නිසා ආණ්ඩුව විවිධ තර්කවලින් මෙම ගනුදෙනුව වහන්න උත්සාහ කළාට සමාගමේ ලාභයෙන් එම හොරකම එළිදරව් කරලා තිබෙනවා.

දවසේ පැය 24ට ලක්‍ෂ 180ක ලාභයක් ලබන්න මෙම සමාගමට තිබෙන හැකියාව මොකක්ද?

මාධ්‍යවේදී ඔබ මෙම මාධ්‍ය සාකච්ඡාව තුළ පැයක් වාඩිවෙලා ඉන්න කොට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ලක්‍ෂ 7ක-8ක ලාභයක් ලබනවා.

එම නිසා මෙම හොරකම පැහැදිලියි. මේ වෙනුවෙන් නිශ්චිත පරීක්‍ෂණයක් සිදුකළ යුතුව තිබෙනවා. ඒ සඳහා මහ බැංකුවට විශේෂ වගකීමක් තිබෙනවා.”

Related posts

දරුවන්ට අමානුශික ලෙස පහර දී වීඩියෝ කල පියා අත්අඩංගුවට

Admin

මහමැතිවරණයේදි නව රජයට තුනෙන් ‌දෙකක බලයක් දිමට ශ්‍රීලනිප ක්‍රියා කළයුතුයි – හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන කියයි

colombotoday

ජිනීවා සම අනුග්‍රහට ලංකාව බැඳ දැම්මේ මංගල සමරවීරයි. බලපෑම් ආවත් අපි ඉවත් වෙනවා – විමල් වීරවංශ

colombotoday

ඇමති විජේදාසට එරෙහිව ආණ්ඩුවෙන් විශ්වාසභංගයක්.. කඩිමුඩියේ අත්සන් ගනී !

colombotoday

Video: මීගමුවේ සංචාරක හෝටලය “බුද්ධ බාර්” අකුලාගනී – බොදු බල සේනාව සීරුවෙන්

colombotoday

ඉතාලි තානාපති කාර්යාලය ළඟ තැරැව්කරුවන් මාෆියාවක – කොල්ලුපිටිය පොලිසියේ ඇතැම් නිලධාරීන් ද ජාවාරමට හවුල් බවට සැයක්

colombotoday