විදුලිය නිෂ්පාදනය කිරීමට ඉන්ධන නොමැතිවීම නිසා හෙට (3)දින රට පුරා පැය හතයි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (2) පස්වරුවේ පැවසීය.
හෙට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දිවා කාලයේ පැය 5 ක් සහ පස්වරු 6.00 සිට රාත්රී 11.00 දක්වා රාත්රී කාලයේ පැය 2 යි විනාඩි 30 ක් ලෙස විදුලිය කප්පාදු කරන බව ද ජනක රත්නායක මහතා කියයි.