නෙළුම් පොකුණ රගහල ඉදිකිරීම් ආරම්භ කලේ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග බවත්, මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු ඔහුගේ නම ගසා ගත් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
කලින් සිටි රාජ්‍ය නායකයන් ආරම්භ කළ ව්‍යාපෘතිවල සමරු ඵලක ගලවා තමන්ගේ නම ඇතුළත් කිරීම තම ප්‍රතිපත්තිය නොවන බව පවසන ජනාධිපතිවරයා, ආණ්ඩුව කිසිම අලුත් දෙයක් නොකරන්නේ යයි කරන චෝදනාවලට වසරක් පමණ පිළිතුරු නොදී සිටි තමන් ඊට දැන් පිලිතුරු දීමට තීරණය කලේ යයිද කියා සිටියේය.
ලෝක ජනාවාස දිනය වෙනුවෙන් පොලොන්නරුවේ පැවති උත්සවය අමතමින් ඔහු මේ බව පැවසීය.