Colombo Today Local News

සැරයන්ට පහරදුන් කසිප්පු ජාවාරම්කරුවෙක් අත්අඩංගුවේ

ගලේවෙල පොලිසියේ දූෂණ මර්දන අංශයේ රාජකාරි කරන පොලිස් සැරයන්වරයෙකුට අතින් පයින් පහර දී තුවාල සිදු කළේ යැයි කියන කසිප්පු ජාවාරම් කරුවන් දෙදෙනකුගෙන් එක් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලිසිය පවසයි.

කසිප්පු ජාවාරම් කරුවන්ගේ පහර කෑමට ලක් වී තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා දඹුල්ල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

පොලිස් සැරයන් වරයාට පහරදී තුවාල සිදුකර පලා ගිය අනිත් කසිප්පු ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මෙම පොලිස් සැරයන්වරයා රාජකාරි නිම කර සිවිල් ඇඳුමෙන් සැරසී ඔහුගේ පෞද්ගලික යතුරුපැදියේ නැගී නිවෙස් බලා යමින් සිටි අතරවාරයේ රත්මල්වල නිලගම ප්‍රදේශයේ දී මෙම කසිප්පු ජාවාරම් කරුවන් දෙදෙනා විසින් එම යතුරු පැදිය බලහත්කාරයෙන් නතර කරගෙන ඇතැයි වාර්තා වේ.

මීට පෙර අවස්ථාවක මෙම පොලිස් සැරයන්වරයා කසිප්පු තොගයක් සමග මොවුන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කෙරේ… 1500ක බළ ඇණියක් කැදවයි….

colombotoday

ශ්‍රීලනිපයට සහාය නොදෙන ඒකාබද්ධයේ මන්ත්‍රීවරු ආසන සංවිධායකකමින් ඉවතට !!

colombotoday

දෙමළ ජාතික සන්ධානයට එරෙහිව විග්නේශ්වරන් නව සන්ධානයට අත්සන් තබයි

colombotoday

අර්ජුන් ඇලෝසියස්ට සිතාසි

colombotoday

අඩු ආදායම්ලාභීන්ට සූර්ය බල විදුලි උත්පාදන කට්ටල නොමිලේ

colombotoday

ඩීසල් රැගත් නෞකාවක් කොළඹ වරායට එයි

colombotoday