Colombo Today Local News

රුවන්වැලි මහසෑය අභියසදී අරියවංශ දේශනාව වෙනුවෙන් සති අන්තයේ විශේෂ දුම්රිය ධාවන සැලැස්මක්

අනුරාධපුර රුවන්වැලි මහසෑය අභියසදී පවත්වනු ලබන මහා අරියවංශ දේශනාව වෙනුවෙන් බෙලිඅත්ත සහ කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වා ගමන් කරන බැතිමතුන් සඳහා විශේෂ දුම්රිය ධාවනය සඳහා කටයුුතු යොදා ඇති බව දුම්රිය මූලස්ථානය සඳහන් කරයි.

මීට අමතරව මහනුවර සිට මෙම පුණ්‍යකර්මය සඳහා සහභාගීවන බැතිමතුන්හට මහනුවර දුම්රිය ස්ථානයෙන් පෙ.ව. 6.50 ට කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 1036 දුම්රියෙන් පොල්හහවෙල දුම්රිය ස්ථානයට පැමිණ මෙම විශේෂ දුම්රියෙන් අනුරාධපුරය දක්වා ගමන් පහසුකම් සලසා ඇති බව ද එම මූලස්ථානය පවසයි.

2023.12.30 බෙලි අත්ත සිට අනුරාධපුරය දක්වා ධාවනය වන විශේෂ දුම්රිය

බෙලිඅත්ත පිටත්වීම පෙ.ව. 04.15
කොළඹ කොටුව පිටත්වීම පෙ.ව. 08.15
පොල්ගහවෙල පිටත්වීම පෙ.ව. 09.40
අනුරාධපුරය ළඟා වීම ප.ව. 13.10

2023.12.31 අනුරාධපුරය සිට බෙලිඅත්ත දක්වා ධාවනය වන විශේෂ දුම්රිය

අනුරාධපුරය පිටත්වීම පෙ.ව. 09.30
පොල්ගහවෙල පිටත්වීම ප.ව. 12.30
කොළඹ කොටුව පිටත්වීම ප.ව. 15.10
බෙලි අත්ත ළඟා වීම ප.ව. 19.20

Related posts

සංහිඳියාවේ නාමයෙන් යටපත් කරවන්න හදන වීරත්වය, ඉහළින් ඔසවා තබා සෙන්පති කමල් හමුදාවට සමුදෙයි !

colombotoday

“අයුතු ධනයක් ලෝකයේ ඕනෑම රටක ඇත්නම් නඩු දමන්න”

colombotoday

කොවිඩ් මෘතදේහයන් ගැන එජාපයේ ස්ථාවරය

colombotoday

හමුදාපති හමුවීමට පවා බිය දැනේ – මැතිවරණ කොමිසමේ රැස්වීමට පෙර යළිත් ලිපියක් ලියමින් මහාචාර්ය හූල් කියයි

colombotoday

ප්‍රදේශ කිහිපයකට යළි අනතුරු ඇඟවීම්

Admin

මැතිවරණයට යොදාගත් සියලුම ඡන්ද මධ්‍යස්ථාන විෂබීජහරණයට

colombotoday