Colombo Today Local News

වෙලේ සුදාව වහාම පරීක්ෂා කර අසනීප තත්ත්වය ගැන අධිකරණය වාර්තාවක් ඉල්ලයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල කල්ලි නායකයෙකු යැයි පැවසෙන ගම්පොළ විතානගේ සමන්ත කුමාර හෙවත් ‘වෙලේසුදා’ නැමැත්තාව වහාම බූස්ස බන්ධනාගාරයට ගොස් පරීක්ෂා කර බලා ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි තරම් අසනීප තත්ත්වයකින් පෙරළෙන්නේ දැයි අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද (27)දින කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට නියෝග කර තිබේ.

සමන්ත කුමාර හෙවත් ‘වෙලේසුදා’ ඔහුගේ බිරිඳ වන ගයානි ප්‍රියදර්ශනී, ඥාති සහෝදරියක් වන වසන්ති වසුන්දරා නැමති අයට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අද කැඳවූ අවස්ථාවේ දී වෙලේසුදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි තරම් අසනීප තත්ත්වයෙන් පෙළෙන බවට බූස්ස බන්ධනාගාරයේ අධිකාරිවරයා විසින් ෆැක්ස් මාර්ගයෙන් අධිකරණයට කරුණු දක්වා ඇත.

එම කරුණු සැලකිල්ලට ගනිමින් මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කර තිබේ.

වැඩිදුර සාක්ෂි විභාගය ජනවාරි 24 වනදා කැඳවීමට නියෝග කර ඇත.

හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් උපයා ගත් මුදල්වලින් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල රුපියල් කෝටි 15කට ආසන්න ඉඩම්, නිවාස ඇතුළු වත්කම් අත්පත් කරගැනීම තුළින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකළේ යැයි චෝදනා කොට වෙලේසුදා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර ඇත.

Related posts

කැබිනට් සංශෝධනය හෙට… ශ්‍රීලනිප 16 කණ්ඩායම විපක්ෂයට !

colombotoday

බදුල්ලේ ජල මුලාශ්‍ර සියයට සියයකම අසුචි

colombotoday

නවම් පොහෝ දිනයේ, වැලිකඩ සිරකරුවෝ ඥාණසාර හිමි සමගින් බුද්ධානුස්සතිය වඩති!

colombotoday

පරිණත මා දේශපාලනයට ඇවිත් ළදරුවෙකුගේ තැනට වැටෙන්නෑ – සෙන්පති කමල් කළවැද්දෙක් නොවෙන හැටි කියයි

colombotoday

සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතිය තහවුරු කරන්න – නීතිඥ සංගමය

colombotoday

වව්නියාවේදී ජාතික කොඩිය ගලවා බිම දමා පාගයි…

colombotoday