Colombo Today Local News

වගා හානි වූ ගොවීන්ට නොමිලේ ඉන්ධන ලබා දීම අරඹයි

යල කන්නයේ වගා හානි වූ ගොවීන්ට මෙවර මහ කන්නයේ ගොවිතැන් කටයුතු ආරම්භ කිරීම සඳහා හෙක්ටයාර් එකකට ඩීසල් ලීටර් 40ක් බැගින් නොමිලයේ ලබා දීම ඇරැඹූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඉන්ධන ලබා ගැනීම සඳහා ගොවි ජනතාවට වවුචර්පත් නිකුත් කිරීම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් අගුනකොළපැලැස්සේදී සිදු විය.

පසුගිය යල කන්නයේ විශාල ලෙස වගා හානි වාර්තා වූ වලව කලාපය, හම්බන්තොට දිස්ත්‍රික්කය හා කුරුණෑගල දිස්ත්‍රික්කය ඇතුළු වගාහානි සිදුවූ සියලුම ගොවීන්ට මෙම ඉන්ධන සහනාධාරය හිමිවේ.

පසුගිය යල කන්නයේ වී වගා කළ අක්කර 65,000ක් නියඟයෙන් හානියට පත් වූ අතර එම ගොවි ජනතාවට මෙවර මහ කන්නයේ දී කුඹුරු අස්වැද්දීම සඳහා මෙම ඉන්ධන සහනාධාරය ලබා දෙන ලෙස අමාත්‍යවරයා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබිණි.

චීන රජය විසින් පසුගිය මහ කන්නයේ වී වගා කිරීමට නොමිලයේ බෙදා දීම සඳහා ඩීසල් ලීටර් මිලියන 6.9ක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා දී තිබිණි.

එම ඩීසල් බෙදා දීමේ දී යම් කුඩා ප්‍රමාණ ඇතැම් ගොවි ජනතාව විසින් ලබා නොගත් අතර ඒ යටතේ ඩීසල් ලීටර් මිලියන 02ක් ඉතිරි වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය.

Related posts

හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපති උපදෙස්

colombotoday

තනි රෝදයෙන් යතුරුපැදි දාවනය කල තරුණයන් හයක් අල්ලයි

colombotoday

සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කිරීම සඳහා කොමිසමට ඉදිරිපත්වුනු ඇතැම් ප්‍රකාශ නීතිපති ඉල්ලයි

colombotoday

කුරුණෑගල කඩ සාප්පු දින 6 ක් වසා දමයි

colombotoday

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකීය ප්‍රජාවට තිළිණ වන නවතම පුවත් කළාපය Ceylon UK News අද සිට

colombotoday

කුරුඳුවල බුද්ධිමය දේපොළ අයිතිය මෙරටට

colombotoday