ඉල්ලීම 10ක් මුල් කරගනිමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව අද(01)උදෑසන දිවයින පුරා රෝහල් වල සංඛේතාත්මක වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
උදෑසන 6.30 ආරම්භ කළ එම සංඛේතාත්මක වැඩ වර්ජනය දහවල් 12දක්වා පැවැත්වෙනු ඇති බවත් අනතුරුව දහවල් 12ට රටපුරා රෝහල් ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණ පැවැත්වෙනු ඇති බවත් එම වෘත්තීය සමිති එකමුතුව පවසයි.