සැකසහිත ලෙස මියගිය තරුණයෙකුගේ සිරුරක් බෝක්කුවක් අසල තිබී සොයාගෙන තිබේ.
යේ (15) දහවල් තලාතුඔය කදාකුල ප්රදේශයේදී මෙම පුද්ගල මළසිරුර හමුවී ඇති බව තලාතුඔය පොලීසිය සඳහන් කරයි.
මරණකරුගේ වයස අවුරුදු 27ක් පමණ වන බවය පොලීසිය කියයි.
අදාළ පුද්ගලයා පසුගිය 12වනදා සවස් කාලයේදී නිවසින් පිටවගොස් නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් ඉකුත් 13වනදා මරණකරුගේ මව විසින් තලාතුඔය පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇත.
ඒ අනුව, එම පුද්ගලයාගේ මළසිරුර තලාතුඔය මාරස්සන මාර්ගයේ ඇති බෝක්කුවක් අසල තිබී හමුවී තිබේ.