World

ඊශ්‍රායල හමුදාව ගාසා හී අල් ශිෆා රෝහලට ඇතුළු වෙයි

ඊශ්‍රායල හමුදා විසින් ගාසා හි විශාලතම රෝහල වන අල් ශිෆා රෝහලේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

එරට වේලාවෙන් අලුයම 2ට පමණ ඊශ්‍රායල හමුදාවන් එම රෝහල් සංකීර්ණය වෙත ඇතුළු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රෝහල් සංකීර්ණය අවට ප්‍රදේශයේ ප්‍රහාර සිදුකළ ඊශ්‍රායල හමුදා එම රෝහලට ඇතුළු වූ පළමු අවස්ථාව මෙය වේ.

අල් ෂිෆා රෝහල ආශ්‍රිතව හමාස් සංවිධානයේ අණදෙන මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බවට අමෙරිකාව ඇතුළු පාර්ශව විසින් ප්‍රකාශ කර තිබුණි.

ඒ අනුව හමාස් සටන්කාමීන් ඉලක්ක කරගනිමින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බව ඊශ්‍රායලය ප්‍රකාශ කර ඇත.

Related posts

මුස්ලිම් රාජ්‍යයන් ප්‍රංශයට දැඩි ලෙස පහර දෙද්දී ඉන්දියාව ප්‍රංශය වෙනුවෙන් සිටගනියි.

colombotoday

සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝකයක ප්‍රථම වරට ඝන දූවිලි කුණාටුවක් නිරීක්ෂණය වෙයි

Admin

තලෙබාන් සංවිධානයෙන් රූපවාහිනි මාධ්‍යවේදීනියන්ට සහ නිවේදිකාවන්ට නියෝගයක්

colombotoday

භූ කම්පනයෙන් අහිමි වූ ජීවිත ගණන 15,000 ඉක්මවයි

Admin

ඉන්දීය නළු සෞමිත්‍රා චැටර්ජි මිය යයි

colombotoday

කැනඩාව ගංජා නීතිගත කරයි !

colombotoday