World

ඉන්දීය නළු සෞමිත්‍රා චැටර්ජි මිය යයි

සත්‍යජිත් රායිගේ නිර්මාණ තුළින් සිනමාවට පිවිසි ඉන්දීය ජනප්‍රිය රංගන ශිල්පියෙකු වූ සෞමිත්‍රා චැටර්ජි කොවිඩ් ආසාදිතව ඇති වූ සංකූලතා හේතුවෙන් ජිවිතක්ෂයට පත් වී ඇත.

මිය යන විට ඔහු 85 වන වියේ පසු විය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය බලවත් ශෝකය ඔහු වෙනුවෙන් පළ කර ඇත.

1959 සිට 1990 දක්වා කාලය තුළ ඔහු සත්‍යජිත් රායිගේ චිත්‍රපට 14 ක ප්‍රධාන චරිත රඟපා ඇති අතර චිත්‍රපට 300 කට පමණ රඟන දායකත්වය දැක් වූ චැටර්ජි දක්ෂ කවියෙකු,නාට්‍ය රචකයෙකු මෙන්ම වේදිකා නළුවෙකු ද වෙයි.

ඉන්දියාවේ ඉහළම සම්මානය වන ඩඩා සහේබ් ෆාල්කේ සම්මානයෙන් ද ඔහු පිදුම් ලබා ඇත.

අපූගේ ලෝකය ,චාරුලතා,ආරණ්‍ය දීන් රාත්‍රී ,අභිජන් ,ඝරේ බයිරේ චැටර්ජිගේ විශිෂ්ට චිත්‍රපට වෙයි.

Related posts

ලෝ ප්‍රකට චොකලට් වර්ගයක් හලාල් කරයි… ඉස්ලාම්කරණයට එරෙහිව යුරෝපය නැවතත් ඇවිළෙයි…

colombotoday

ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීමක්

colombotoday

අමෙරිකාව විදෙස් සංචාරකයින්ට දේශසීමා විවෘත කරයි

colombotoday

ඉන්දියාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව චීනය අභිබවයි

colombotoday

බොරතෙල් මිල තවත් පහලට

Admin

කොලිවුඩ් සිනමාවේ සුප්‍රකට රංගන ශිල්පී විජයිගේ දියණිය සියදිවි නසාගනී

Admin