Colombo Today Local News

ජැක්සන් ඇන්තනී දිවි රඟමඩලට සමු දෙයි

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා අභවප්‍රාප්ත වී තිබේ.

රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද (09) අලුයම අභවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.

1958 වසරේ ජූලි මස 08 වනදා රාගම දී උපත ලද ජැක්සන් ඇන්තනී මහතා මියයන විට 65 වන වියෙහි පසුවුණි.

වැඩසටහන් රූගත කිරීමක් සඳහා අනුරාධපුර ප්‍රදේශයට ගොස් යළි පැමිණෙමින් සිටියදී තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ දී ඔහු ගමන් ගත් කැබ් රථය වන අලියෙකුගේ ගැටීමෙන් අනතුරක් සිදුවුණි.

අනතුරින් බරපතළ තුවාල ලැබු ජැක්සන් ඇන්තනී මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණි.

මාස 14ක් පමණ එහි ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද අලුයම මියගොස් ඇති බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.

රංගන ශිල්පියෙක්, ගේය පද රචකයෙක්, ගායකයෙක්, ලේඛකයෙක්, නිවේදකයෙක් මෙන්ම ඉතිහාස විශ්ලේෂකයෙකු ලෙස සිය ප්‍රතිභාපුර්ණ හැකියාව පෙන්නුම් කළ ඒ මහතා මෙරට සිටි විශිෂ්ට මාධ්‍යවේදීයෙකු ලෙස ද සැලකේ.

මෙරට ප්‍රෞඩ ඉතිහාසය ජාත්‍යන්තරයට රැගෙන ගිය ඒ මහතා රූපවාහිනි සහ ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකයෙකු ලෙස ද සිය හැකියාවන් පෙන්නුම් කර තිබේ.

දෙස් විදෙස් සම්මාන ගණනකට හිමිකම් කියන ජැක්සන් ඇන්තනී මහතා සිය අත්දැකීම් අනාගත දරු පරපුර වෙනුවෙන් ලබාදීම වෙනුවෙන් ද අතිවිශාල කැප කිරීමක් ද සිදුකරනු ලැබීය.

“පනාපත්‍ර කුහුඹුපැණියා” හෙවත් හෙළ සිනමාවේ අසහාය රංගන පෞර්ෂය ලෙස හැඳින්වෙන ජැක්සන් ඇන්තනී මහතාගේ අභාවය මෙරට කලා ක්ෂේත්‍රයට පිරවිය නොහැකි පාඩුවකි.

Related posts

නතර කර තිබූ විමධ්‍යගත අරමුදල් මෙවර අයවැයෙන් මන්ත්‍රීවරුන්ට යළි දෙයි

Admin

මහජන සාමය පවත්වාගෙන යාමට ජනාධිපති ගෝඨාභයගේ නියමයෙන් ත්‍රිවිධ හමුදාව කැඳවයි

colombotoday

මැතිවරණයට පොහොට්ටුව සූදානම් – බන්දුල ගුණවර්ධන

Admin

හිටපු මුහුදු කොටි නායිකා බහිරතී නිදහස්‌

colombotoday

අදත් පැය 5කට ආසන්න විදුලි කප්පාදුවක්

colombotoday

ෆොන්සේකාගෙන් වන්දි ඉල්ලා මුරලිගෙන් එන්තරවාසියක්

colombotoday