Colombo Today Local News

ලිට්‍රෝ ගෑස් මිල රු. 343 කින් වැඩි කරයි

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 343 කින් වැඩි කිරීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (4) පස්වරුවේ පැවසීය.

ඒ අනුව, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 137 කින් ද, කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක මිල රුපියල් 63 කින් ද, ඉහළ දැමූ බවත් නව මිල අද (4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් මුදිත පිරිස් මහතා කියයි.

එම මිල ඉහළ දැමීමත් සමග කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 3470 ක් දක්වා ද, කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 1393 ක් දක්වා ද, කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක මිල රුපියල් 650 දක්වා ද වැඩි වූ බවත් මුදිත පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 3,127 ක ද, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1,256 ක ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 587 ක ද, පැවතුණි.

Related posts

මෙරටට පැමිණ රැකියා අහිමි ශ්‍රමිකයින්ට දීමනාවක් සහ පොලී රහිත ණයක්

colombotoday

මහ නාහිමි ශ්‍රී දේහය අස්ගිරියට වැඩවමති.. අවසන් කටයුතු ඉරිදා

colombotoday

ව්‍යාජ විශබීජ නාශක හැදූ අයෙක් අත්අඩංගුවට

colombotoday

කෝටි දෙලක්ෂයක රන් එක්ක කතක් කටුනායකින් පනිද්දී මාට්ටු

Admin

ත්‍රිවිධ හමුදාවන් රටට සහ ජනතාවට ආදරය කරන සදාචාරාත්මක හමුදාවක්. – ආරක්ෂක ලේකම් ෆොන්සේකාට මතක්කර දෙයි

colombotoday

ජනතා පීඩනය ආණ්ඩුවට ත්‍රස්තවාදයක්.. සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලා සිටි තරුණයින්ව මර්ධනය කරමින් සිටිනවා

colombotoday