World

රජ පවුලේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

බ්‍රිතාන්‍ය රජ පවුලේ නිල වෙබ් අඩවියට ඊයේ(01) සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

රුසියානු හැකර්වරුන් පිරිසක් මෙම සයිබර් ප්‍රහාරය එල්ල කර ඇති අතර, ප්‍රහාරයේ වගකීම ඔවුන් භාරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

සයිබර් ප්‍රහාරය හේතුවෙන්, පැය එක හමාරක පමණ කාලයක් වෙබ් අඩවිය අක්‍රීයව පැවති බව වාර්තා වෙයි.

පසුව ආරක්ෂක අංශ සහ පරිගණක විශේෂඥයින් එක්ව එය යථා තත්ත්වයට පත්කර ඇති නමුත් ප්‍රහාරය පිළිබඳව අදහස් දැක්වීම බකිංහැම් මාලිගය ප්‍රතික්ෂේප කර ඇතැයි ද වාර්තා වෙයි.

Related posts

යුක්‍රේනයට නව හමුදාපතිවරයෙක්

Admin

සුඩානයේ රාජ්‍ය රූපවාහිනිය සහ ගුවන් විදුලිය, කැරලිකරුවන්ගේ අතට…

Admin

මිනිසුන් නිර්මාණය කළ පියාඹන පීරිසිය

Admin

ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර 2ක්

colombotoday

ලොව පළමු DNA කොවිඩ් මර්දන එන්නත ලබාදීම අරඹයි

colombotoday

සංචාරකයින්ට ඉන්දුනීසියාව තහනම් කරයි

colombotoday