Colombo Today Local News

පුත්තලම කලපු තීර උද්‍යානයේ නාඳුනන මළ සිරුරක්

පුත්තලම කලපු තීර උද්‍යානයේ තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමු වී තිබේ.

එම උද්‍යානයේ නාඳුනන පුද්ගල මළ සිරුරක් ඇති බවට ලද තොරතුරක් මත පුත්තලම පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

මිය ගොස් සිටි පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර ඔහු අවුරුදු 55 – 60ත් යන වයසේ පසුවන පුද්ගලයෙකු වන බවයි වාර්තා වන්නේ.

මරණකරු උස අඩි 05 අඟල් 03ක් පමණ වන තළෙළු, සිහින් සිරුරක් සහිත හිසේ ඉදිරිපසින් තට්ටය පෑදුණු කොටු සහිත ළා පැහැති කමිසයකින් සහ කළු පැහැති දිග කලිසමක් හැඳ, දුඹුරු පැහැයෙන් යුක්ත පාවහන් පැලඳ සිටි අයෙකු බවයි පොලිසිය පවසයි.

මෘත ශරීරය පුත්තලම රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධව පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Related posts

අප්‍රිකානු අහසේ සාමය සදන්න අපේ හෙලිකොප්ටර් බලගණයක් යයි.

colombotoday

බජට් පාටිය අත්හිටුවන්නැයි විපක්ෂය ඉල්ලයි

colombotoday

සංවර්ධන නිලධාරිනියක් ගෙල කපා පිහියකින් පපුවට ඇන මරා දාලා

Admin

සීඝ්‍රගාමී දුම්රියක කැබ් රථයක් ගැටෙයි

Admin

අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය අද දිවුරුම්දෙයි

colombotoday

අල්ලස් කොමිෂමත් දුෂිත නම් කාට කියන්නද ? මෛත්‍රී ගුණරත්න අසයි

colombotoday