Colombo Today Local NewsUncategorized

දෝෂාභියෝගයක් ගෙන එන්න අවස්ථාවක්

ජනාධිපතිවරයා අත්තනෝමතිකව ව්‍යවස්ථා සභාවේ කටයුතුවලට මැදිහත් වීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ හේතුව පදනම් කරගෙන ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒමට අවස්ථාව තිබෙන බවත් ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල කොදුනාරටිය ව්‍යවස්ථා සභාව බවත් නිදහස් ජනතා සභාවේ විධායක කමිටු සමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (11)දින පැවසීය.

මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා නාවල නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේදී අද (11)දින පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ජාත්‍යන්තරය ශ්‍රී ලංකාවට රතු එළි දල්වා ඇති බව කී මහාචාර්යවරයා මැතිවරණ කාලසීමා තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ යුතු යැයි ජාත්‍යන්තරයෙන් දන්වා ඇති බව ද සඳහන් කළේය.

Related posts

පොලිස් නිලධාරීන්ට උසස් අධ්‍යාපන වරමක්

colombotoday

බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී 12ක් රෝහලේ

colombotoday

මුළු රටටම ඇඳිරිනීතිය යලි පැනවේ.

colombotoday

බීමතින් ඡන්ද වැඩට ආ පොලිස් නිලධාරියෙකුගේ වැඩ තහනම්..ඡන්ද පොලේදී අසනීප වූ අයෙක් මිය යයි

colombotoday

අජි‍නොමොටෝ (MSG)රසකාරක මාරයා වෙළදපොලෙන් ඉවතට

colombotoday

මුදල් ඇමති රවීට එරෙහිව තවත් විශ්වාසභංගයක් අද කථානායකට

colombotoday