Colombo Today Local News

මිලියන 23ක කේරළ ගංජා තොගයක් මන්නාරමේ කැළෑවක

රුපියල් මිලියන 23කට අධික වටිනාකමකින් යුතු කේරළ ගංජා තොගයක් මන්නාරමේ කැළෑවක තිබී නාවික හමුදාව භාරයට ගෙන තිබේ.

උතුරු මැද නාවික විධානය මගින් මන්නාරම, මාන්තේ ප්‍රදේශයේ කැළෑවක සඟවා තිබියදී කේරළ ගංජා තොගය සිය භාරයට ගත් බව නාවික හමුදාව පවසයි.

එහිදී පාර්සල් 32ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 67යි ග්‍රෑම් 500ක තොගයක් නාවික හමුදාව භාරයට ගෙන තිබේ.

එම කේරළ ගංජා තොගය වැඩිදුර විමර්ශන සඳහා වංකාලේ පොලීසිය වෙත භාරදීමට කටයුතු කර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව නාවික හමුදාව සඳහන් කරයි.

Related posts

ලක්ෂ 50ක කුඩු පැකට් කරද්දී කොටු වෙයි

Admin

ඔයා දේශපාලනයෙන් අයින් වෙලා හමුදාවටම යනවා නම් හොඳයි – මෛත්‍රී ෆොන්සේකාට කියලා

colombotoday

මංගලගේ විදේශ ඇමතිකම මහින්දට !!!

colombotoday

පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවන් මරණයට පත්වීම වැළැක්වීමට මාර්ගෝපදේශ මාලාවක්

Admin

විසර්ජන පනත් කෙටුමිපතට මුදල් කාරක සභාවේ අනුමැතිය

colombotoday

කුරුඳුවත්ත ග්‍රෙගරි පාරට ගසක් කඩා වැටෙයි

Admin