Colombo Today Local News

මහ කන්නයේ ගොවින්ගේ වී අස්වැන්න මිලට ගනියි

ගාල්ල දිස්ත්‍රික්කයේ පළමු වතාවට 2020/21 මහ කන්නයේ ගොවින්ගේ වී අස්වැන්න මිලදී ගැනීම අද (30)දින වළහන්දූව යග්ගහවිල යායේදී සිදුකෙරිණි. ගාල්ල දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන දේපාර්තමේන්තුවේ හා වී අලෙවි මණ්ඩලයේ මැදිහත්වීමෙන් වී මිලදී ගැනිම සිදුකෙරිණි.

ගාල්ල දිස්ත්‍රික්කයේ ගොවින්ගේ වී අස්වැන්නෙන් වී කිලෝ ලක්ෂ 13ක් මිලදී ගැනීමට සැලසුම් කර ඇත. එහි සමාරම්භය සනිටුහන් කරමින් සෞභාග්‍යයේ දැක්ම ‘කෘෂි නවෝදය‘ වැඩසටහන යටතේ යග්ගහවිල යායේ ගොවීන්ගේ වී අස්වැන්න මිලදී ගැනීම අද (30)දින වැවිලි කර්මාන්ත ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ හා පොහොර නිෂ්පාදන සැපයුම් රසායනික පොහොර කෘමිනාශක භාවිතා නියාමන රාජ්‍ය ඇමති නිතිඥ මොහාන් පී ද සිල්වා යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් සිදුකරණු ලැබීය. රජය මගින් සම්බා වී කිලෝවක් රුපියල් 52කට මුදලකට හා නාඩු වී කිලෝවක් රුපියල් 50ක මුදලකට මිලදී ගනු ලැබේ.

ගාල්ල දිස්ත්‍රික්කය තුළ එක් කන්නයකදී කුඹුරු අක්කර 33.500ක් වූ වැඩිම කුඹුරු අක්කර ප්‍රමාණයක් වගා කරනු ලැබූවේ මෙවර මහ කන්නයෙදී බැව් ගාල්ල දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් ජේ.ඩබ්ලිව්.එස්. ප්‍රියන්ජන් මහතා පැවසීය. පළමු වතාවට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා වී අලෙවි මණ්ඩලය මගින් ගොවීන්ගේ වී අස්වැන්න මිලදී ගැනීම සිදුකරනු ලබන බවද ඒ මහතා සඳහන් කළේය.

Related posts

වැඩ බලන ජනාධිපති ධූරයේ රනිල් දිවුරයි

colombotoday

කැබිනට් ඇමැතිකමක් සමග ඩලස් ආණ්ඩුවට?

colombotoday

අමත්‍යදුරයෙන් පහකෙරුණු විජේදාස රාජපක්ෂ දිවුරුම් දෙයි

colombotoday

සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

Admin

පාර්ලිමේන්තු ජල පොකුණේ අපජලය දියවන්නා ඔයට

colombotoday

නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය ඇරඹේ

Admin