Colombo Today Local News

කොළඹ නිවාස හිමි මැති ඇමැතිවරුත් ගෙවල් ඉල්ලලා. යහපාලන ඇමැතිවරුන් නිල නිවාස තවමත් නැවත දී නැහැ

කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස හිමි මැති ඇමැතිවරුන්ද නිල නිවාස ලබා ගෙන ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වාර්තා අනාවරණය කරයි.

වත්මන් රජයේ ප්‍රධාන පෙලේ අමාත්‍ය ධුර හොබවන මෙම අමාත්‍යවරුන් නිල නිවාස අවශ්‍ය බව අමාත්‍යාංශයේ නිලධාරීන්ටද දැනුම් දී තිබේ. ඒ අනුව නිවාස ලබාගෙන ඇති අමාත්‍යවරුන්ට තලංගම, කැස්බෑව, නාරාහේන්පිට, ඇතුළු කොළඹ නාගරික ප්‍රදේශවල නිවාස පිහිටා තිබේ. කෙසේ වෙතත් වෙනත් දිස්ත්‍රික්කවල අමාත්‍යවරුන්ටද නිල නිවාස ලබා දී ඇති අතර නිල නිවාස ප්‍රතික්ෂේප කර ඇත්තේ ගාල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කැබිනට් ඇමැතිවරු දෙදෙනකු පමණක් බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කරයි.

යහපාලන රජයේ ඇමැතිවරයකු ලෙස කටයුතු කළ වත්මන් මන්ත්‍රීවරයකුද සිය නිල නිවාස මෙතෙක් භාර දී නොමැත. ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන මෙම මන්ත්‍රීවරයාගේ නිල නිවාස පුත්තලම දිස්ත්‍රික්කයේ රාජ්‍ය අමාත්‍යවරයකු ඉල්ලා ඇති බවද දැනගන්නට ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මාදිවෙල නිවාස සංකීර්ණයේ නිල නිවාස ලබා දෙන අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස්දෙනකු මෙතෙක් නිල නිවාස භාර දී නොමැත. කෙසේ වෙතත් අයැදුම්පත් ඉදිරිපත් කළ සියලු අමාත්‍යවරුන්ට නිල නිවාස භාර දුන් බව රාජ්‍ය පිරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි ප්‍රකාශ කර ඇත.

මෙසේ නිවාස භාර නොදුන් මැති ඇමැතිවරුන් නිසා නිවාස ඉල්ලා ඇති මන්ත්‍රීවරුන්ට ඒවා භාර දෙන තෙක් මාසිකව රුපියල් පනස්දහසක නිවාස කුලී දීමනාවක් ලබා දීමට යෝජනා ඉදිරිපත්ව තිබේ.

Related posts

යහපාලන ඇමතිලාට එරෙහි දූෂණ විමර්ශන එක තැන නවතී.. ඉහලින් බලපෑම් !

colombotoday

නිදහස නෑ කියා නිදහස් දා උතුරේ කලු කොඩි

colombotoday

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්ගෙන් CIDයට ප්‍රකාශයක්

Admin

අල්ලන කුඩු තොග පිටින් ප්‍රබල දේශපාලකයන් හරහා නැවතත් ජාවාරම්කරුවන් අතට !

colombotoday

උද්ඝෝෂණ සහ පෙළපාළි සංවිධාන කළ සජබ සංවිධායකවරුන්ට වැඩ වරදී?

colombotoday

නාවලපිටියේ ඇළ මාර්ගයක 15 හැවිරිදි සිසුවෙකුගේ මළ සිරුරක්. – සිසුවාගේ මරණය වැඩිදුර විමර්ශණයට

colombotoday