අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසම මගින් වත්මන් රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙක් ළගදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.
ඊයේ සිරිකොත පැවති මාධ්‍ය හමුවකදීයි නියෝජ්‍ය ඇමතිවරයා මේ බව කියා සිටියේ.
ඉතිහාසයේ ප්‍රථම වතාවට ආණ්ඩුවක් පවතිද්දී එම ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙකු මෙසේ අත්අඩංගුවට ගැනීමට නියමිත බවත්, යහපාලනයේ සැබෑ වෙනස එය බවත් නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පවසයි.